සැප්තැම්බර් සිට මහා සංවර්ධන ව්‍යාපෘති ආරම්භවීමට රජය තීරණය කරයි

By Shehan Aug 25, 2025 04:04 AM GMT
Shehan

Shehan

Report

රජය විසින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 2025 සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, මෙහි පළමු අදියර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී ආරම්භ වන බවයි.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාව මුදාහරින ලෙස එරික් සෝල්හයිම් ඉල්ලයි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාව මුදාහරින ලෙස එරික් සෝල්හයිම් ඉල්ලයි

එසේම, සැප්තැම්බර් 2 වැනිදා වන්නි ප්‍රදේශයේ මුලතිව් කේන්ද්‍ර කරගනිමින් උතුරු පළාතේ නව පොල් ත්‍රිකෝණයේ සංවර්ධන කටයුතු ආරම්භ කරන බවද ඔහු පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙසේ පැවසීය;

"බරපතළ නැහැ වයස නිසා රුධිර පීඩනය ඉහළට" - වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ

"බරපතළ නැහැ වයස නිසා රුධිර පීඩනය ඉහළට" - වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ

"මේ වසරේදී ආණ්ඩුව ජනතාව වෙනුවෙන් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති රැසක් සැප්තැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක කරනවා. ඒ අනුව, යාපනයේ මන්ඩතිව් ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයක් ආරම්භ කිරීමටත්, යාපනයේ ජනතාවට විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ ගැටළු විසඳමින් ඔන්ලයින් ක්‍රමවේදයක් හරහා එම පහසුකම සැපයීම ඇතුළු බොහෝ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා." 

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

අද දිනය ඔබට වාසනාව රැගෙන එයි - මේ ලග්න වලට විශේෂ දියුණුවක්

අද දිනය ඔබට වාසනාව රැගෙන එයි - මේ ලග්න වලට විශේෂ දියුණුවක්