කොළඹ දිසාව භාර DIG උදිත ලියනගේ CID අත්අඩංගුවට

Report

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එය ශ්‍රාවස්තිපුර තිබිරිකඩවල ප්‍රදේශයේ නිධාන හැරීමේ සිදුවීමක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින ඔහුගේ බිරිඳ සම්බන්ධ විමර්ශන කටයුතු සඳහාය.

ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ රත්‍රං දේවාලය ආසන්නයේ පිහිටි ඉඩමක නිධාන හාරමින් සිටි බව කියන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු 8 දෙනෙකු පසුගියදා අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාව මුදාහරින ලෙස එරික් සෝල්හයිම් ඉල්ලයි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාව මුදාහරින ලෙස එරික් සෝල්හයිම් ඉල්ලයි

එම සිදුවීම ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ රත්‍රං දේවාලය අසල පිහිටි ඉඩමක පිරිසක් නිධාන හාරන බවට අනුරාධපුර පොලිසියට අගෝස්තු 13 වැනිදා ලැබුණු තොරතුරක් මත සිදු වූවකි.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් මුදාහරින ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා වැටලීම සිදුකළ පොලිස් නිලධාරීන්ට දුරකථනයෙන් බලපෑම් කිරීමේ සිදුවීමක් සම්බන්ධවද තොරතුරු වාර්තා වූ අතර, එම කරුණු අනාවරණය කිරීම සඳහා සියලු සැකකරුවන්ගේ දුරකථන අංකවලට අදාළ විශ්ලේෂණ වාර්තා නොපමාව පොලිසියට ලබාදෙන ලෙස අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් චන්දන වීරකෝන් මහතා සියලු දුරකථන සමාගම්වලට මීට පෙර නියෝග කර තිබුණි.

තැපෑලේ සේවක පුරප්පාඩු 4500ක්

තැපෑලේ සේවක පුරප්පාඩු 4500ක්

මාලිමා ඇමති කුමාර ජයකොඩිට අධිචෝදනා පත‍්‍ර සුදානම්

මාලිමා ඇමති කුමාර ජයකොඩිට අධිචෝදනා පත‍්‍ර සුදානම්

අද දිනය ඔබට වාසනාව රැගෙන එයි - මේ ලග්න වලට විශේෂ දියුණුවක්

අද දිනය ඔබට වාසනාව රැගෙන එයි - මේ ලග්න වලට විශේෂ දියුණුවක්