කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

Report

කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම්දීමක් සිදුකර ඇත.

මෙය සීනිගම ඓතිහාසික ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහර හේතුවෙනි.

සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ පෙරහර අද (25) සහ හෙට (26) රාත්‍රී 7.00 සිට අලුයම 2.00 දක්වා කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ වීථි සංචාරය කිරීමට සැලසුම් කර ඇත.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාව මුදාහරින ලෙස එරික් සෝල්හයිම් ඉල්ලයි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාව මුදාහරින ලෙස එරික් සෝල්හයිම් ඉල්ලයි

ඒ අනුව, එම කාලය තුළ කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ හික්කඩුව හන්දියේ සිට කහව හන්දිය දක්වා ගමනාගමනය සීමා කිරීමට නියමිතය.

විකල්ප මාර්ග

කොළඹ සිට ගාල්ල දෙසට ගමන් කරන වාහන: කහව හන්දියෙන් වමට හැරී මීටියාගොඩ, කිරළගහවෙල, අළුත්වල සරණ හන්දියෙන් දකුණට හැරී ගෝනපීනුවල හරහා කුමාරකන්ද හන්දියෙන් ගාලු පාරට පිවිසීමට හෝ ගෝනපීනුවල - හික්කඩුව මාර්ගය ඔස්සේ හික්කඩුව නගරය හරහා ගාලු පාරට.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි, සිංහල නොතේරෙන නිසා ඉංග්‍රීසියෙන්ම යවයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි, සිංහල නොතේරෙන නිසා ඉංග්‍රීසියෙන්ම යවයි

ගාල්ල සිට කොළඹ දෙසට ගමන් කරන වාහන: හික්කඩුව නගරයෙන් හැරී ගෝනපීනුවල, දුවත්ත හන්දිය, අම්පේගම, බටපොල නගරය, තිලකපුර මාර්ගය ඔස්සේ අම්බලන්ගොඩ රොසෙත් හන්දියෙන් ගාලු පාරට.

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

අධිකරණ තීන්දුවලට එරෙහිව පෙළපාලි ගිහින් අමාරුවේ වැටෙන්න එපා - ටිල්වින් අනතුරු අඟවයි

අධිකරණ තීන්දුවලට එරෙහිව පෙළපාලි ගිහින් අමාරුවේ වැටෙන්න එපා - ටිල්වින් අනතුරු අඟවයි