හිටපු ජනපති රනිල් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව තවත් CID විමර්ශනයක්
CID - Sri Lanka Police
Latest Headlines
Sinhala news
Colombo politics heat up
Ranil Wickremesinghe Arrested
By Shehan
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව, අධිකරණ තීන්දුවට පෙර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.
එය පොලිස්පතිවරයාගේ නියෝග මත සිදු වන බව තහවුරු වී ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට පෙර, ඔහුව අත්අඩංගුවට ගන්නා බවත් රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික සුදත්ත තිලකසිරි ප්‍රකාශ කර තිබුණි.
ඒ අනුව, හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට පත්වීමට පෙර සිදු කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් වෘත්තීයවේදීන් පිරිසක් පසුගිය දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි එකක් ඉදිරිපත් කර ඇත.