"බරපතළ නැහැ වයස නිසා රුධිර පීඩනය ඉහළට" - වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ

Report

කොළඹ ජාතික රෝහලට අද සවස ඇතුළත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බාහිර රෝගී අංශයේ හදිසි ප්‍රතිකාර ඒකකය (ETU) වෙත යොමු කළ බව කොළඹ ජාතික රෝහල තහවුරු කර තිබේ.

කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ පවසන්නේ “ඔහුගේ වයස නිසා ඔහුගේ රුධිර පීඩනය තරමක් ඉහළ ගොස් තිබුණත් පූර්වාරක්ෂාවක් ලෙස අපි ඔහුව දැඩි සත්කාර ඒකකයට මාරු කළා පමණයි” යනුවෙනි.

“ඔහුගේ තත්ත්වය බරපතළ නැහැ” වෛද්‍ය විජේසිංහ වැඩිදුරටත් පැවසීය. 

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරේ - විදේශගත ප්‍රතිකාරට ඉල්ලයි

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරේ - විදේශගත ප්‍රතිකාරට ඉල්ලයි

ඔහු හෘද රෝග තත්ත්වයෙන් පෙළෙන බැවින් ඒ සම්බන්ධව ද දැඩි අවධානය යොමු කර ඇතැයි පවසන අතර හිටපු ජනාධිපතිවරයාගේ තත්ත්වය සාමාන්‍ය අතට පත් වූ වහාම ප්‍රභූවරුන් වෙනුවෙන් වෙන් කර ඇති ගෙවන අංක 15 ගෙවන වාට්ටුවට යොමු කිරීමට සූදානම් කර ඇති බවය.

තව දුරටත් ප්‍රතිකාර අවශ්‍ය නම් ජාතික රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකය සූදානම් කර ඇති බව ද එම විශේෂ ආරංචි මාර්ග ද තහවුරු කළේය. හිටපු ජනාධිපතිවරයාට පපුවේ වේදනාවක් ඇති වී තිබෙන බවත්, රුධිර පීඩන මට්ටම අඩු නොවන බවත්, විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක විශේෂ අධීක්ෂණය යටතේ ඔහු ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.

ඩිමෙන්ෂියා කුහකයන්ට රුවන් මුල මතක් කරයි

ඩිමෙන්ෂියා කුහකයන්ට රුවන් මුල මතක් කරයි

කෙසේවෙතත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අධි රුධිර පීඩන තත්ත්වය හේතුවෙන්, අධිකරණ අවසරය ඇතිව ඔහුව සිංගප්පූරුවට ගෙන යන ලෙස එක්සත් ජාතික පක්ෂය උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්