රට වැසීම ගැන ජනපතිගේ තීරණය
කෝවිඩ් ව්‍යාප්තිය හමුවේ රට වසා දැමීමක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ අද (6) දහවල් පැවැති කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
කෝවිඩ් රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කර ඇතත් රට වසා දැමීමේ හැකියාවක් නැතැයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.
ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශවලට එහිදී උපදෙස් දී ඇත.
කෙසේ වුවද
ඊයේ (අගෝස්තු 05) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,674 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අතරින් පුද්ගලයන් පස් දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්. ඊයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 446ක්.
බස්නාහිර පළාතේ කොවිඩ් ආසාදිතයින් 1,000ක් සහ දකුණු පළාතේ කොවිඩ් ආසාදිතයින් 448ක් ඊයේ දිනයේදී වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා
__________________?????_________________
You may like this video
මන්ත්‍රී හරේන් පාර්ලිමේන්තුවට ආ අලුත්ම විදිය?