ජනපතිගෙන් හදිසියේම සැර ප්‍රකාශයක්..

By Sithumi Jan 07, 2022 01:13 PM GMT
Sithumi

Sithumi

Report

රටක ඉදිරි ගමන වෙනුවෙන් ඇමතිවරු සහ මන්ත්‍රිවරු සියලුදෙනා එකට එක්වී කණ්ඩායමක් ලෙස වැඩ කළයුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. මොනරාගල පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය. “

සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් එක් පියවරක් ලෙස පාසල් දහසක් ජාතික පාසල් බවට පත්කිරීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසීය. මොනරාගල සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස සිසු අයිතියට පත් කිරීම අද (07) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි

. ඒ අනුව ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, "සිදුවන පසුබෑම් සඳහා කණ්ඩායමක් ලෙස මුහුණදීම සාමූහික වගකීමකි. එසේ නොකර අඩුපාඩුකම් පිළිබඳ පමණක් විවේචන කරනවා නම් එය අදාළ පුද්ගලයාගේ අකාර්යක්ෂමතාවක්." 

කොවිඩ් හේතුවෙන් අහිමි වූ වසර දෙක ගැන නොසිතා තමා පොරොන්දු වූ වගකීම් ඉදිරි තෙවසර තුළ ඉටු කිරීමට කැපවන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය

. "සෑම මන්ත්‍රීවරයෙකුම කැබිනට් අමාත්‍යධුරයක් බලාපොරොත්තුවෙන් සිටී. එහෙත් ව්‍යවස්ථානුකූලව ලබාදිය හැකි කැබිනට් අමාත්‍යධුර 30ට අමතරව කිසිඳු අමාත්‍යධුරයක් ලබාදී තමා ජනතාවට දුන් පොරොන්දුව කඩ කරන්නේ නෑ. ජනතාව වෙනුවෙන් ගන්නා තීරණවලදී සහායවීම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ යුතුකමක්." "තීරණ ගැනීමේ දී නිලධාරීන් වැඩකළ හැක්කේ කෙසේ දැයි පමණක් බලන්න. එසේ නොමැතිව චක්‍රලේඛ මගින් වැඩක් කළ නොහැක්කේ කෙසේ දැයි නොබලන්න. ඉදිරි වසර තුන සඳහා සම්පූර්ණ සහාය ලබාදෙන්න. 

රාජ්‍ය සේවයේ සියලුම දෙනාගෙන් මා ඉල්ලනවා." “ගම සමග පිළිසඳර” වැඩසටහන යළි අරඹා ජනතා අපේක්ෂාවන් කඩිනමින් ඉටු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now