උඩ දාගෙන පර්මිට් නැති කරා කියන්නේ ඕක කළේ ගෝඨාභය මහත්තයානේ - මාලිමාවේ රෙදි චානක ගළවයි

Report

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන වාහන බලපත්‍ර (පර්මිට්) නැවැත්වීම පිළිබඳව ආණ්ඩුව පුරසාරම් කීවද වාහන බලපත්‍ර නවත්වන ලද්දේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2020 වසරේදී බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා ඊයේ (නොවැම්බර් 13) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ රජය 2020 වසරේදී මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර නිකුත් කිරීම නැවැත්වීමට තීරණය කළ බවයි.

එබැවින් එම වසරින් පසු කිසිදු මන්ත්‍රීවරයෙකුට බලපත්‍ර ලැබී නොමැති බවත්ය.

ගෝඨාභය රාජපක්ෂට ලොකු ප්‍රශ්ණයක්

ගෝඨාභය රාජපක්ෂට ලොකු ප්‍රශ්ණයක්

එහිදී ඔහු අවධාරණය කරමින් සඳහන් කළේ,

"අපි අනුර කුමාර දිසානායක, හරිනි අමරසූරිය සහ විජිත හේරත් මහත්වරුන්ගෙන් අහන්න කැමතියි 2020 දී ඔවුන්ට වාහන පර්මිට් ලැබුණාද කියලා. රජය මන්ත්‍රීවරුන්ගේ වාහන පර්මිට් නැවැත්වීම ගැන පුරසාරම් දොඩනවා. එය දැනටමත් නතර කර ඇති නිසා රජයට නතර කරන්න දෙයක් නැහැ," යනුවෙන්.

එසේම ඩී.වී. චානක මහතා මෙහිදී එම කාලය තුළ වාහන බලපත්‍ර ලබා දුන්නේ වෛද්‍යවරුන් සහ ඉංජිනේරුවන් වැනි වෘත්තිකයන්ට පමණක් බවත් වැඩිදුරටත් සඳහන් කළා.

21 නුගේගොඩට එන අයට කරන්න ඕනේ මේකයි - මුදලිගේ ඉල්ලයි

21 නුගේගොඩට එන අයට කරන්න ඕනේ මේකයි - මුදලිගේ ඉල්ලයි

ආයේ ඉන්ධන මිලට ගන්න වෙන්නෙ මෙහෙමයි - අලුත් ක්‍රමයක්

ආයේ ඉන්ධන මිලට ගන්න වෙන්නෙ මෙහෙමයි - අලුත් ක්‍රමයක්