21 නුගේගොඩට එන අයට කරන්න ඕනේ මේකයි - මුදලිගේ ඉල්ලයි
21 වන දින නුගේගොඩට එන්නේ ජනතාව සඳහා නොව නැවත තමන්ට බලය ඉල්ලා ගෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විධායක සභික වසන්ත මුදලිගේ සඳහන් කරයි.
ඒ අනුව මෙම පිරිස ජනතාව විසින් පන්නා දැමූ බවත් එහෙයින් 21 කෙඳිරිය රටට අදාළ නොමැති බවත් ඔහු ප්රකාශ කරයි.
එසේම ඔහු සඳහන් කළේ එම ජන රැලියට තමන් එකතු නොවන බවයි.
එමෙන්ම ජනතාවට හැකි නම් එහි පැමිණ මෙම පිරිසට හූ තබා එළවා දමන ලෙසත් ඉල්ලා සිටින බවටත් වසන්ත මුදලිගේ අවධාරණය කර ඇත.