භාණ්ඩ පර්යන්තයෙන් ගෝඨාභය බිරිඳ සමඟ චීනයට.

Gotabaya Rajapaksa Sri Lanka China
By Wayomi Feb 16, 2023 06:59 AM GMT
Wayomi

Wayomi

Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ චීනය බලා පිටත්ව යාමේ බලාපොරොත්තුවෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වූ බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසනවා.

අද අලුයම 12.25 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 178 දරන ගුවන් යානයෙන් ඔවුන් පිටව ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී ඔහුට පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපළ තුළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ (V.I.P. Lounge), මුදල් ගෙවා ලබා ගත හැකි සිල්ක් රූට් හෝ ගෝල්ඩ් රූට් පහසුකම් මධ්‍යයේ හෝ එසේ නැතිනම් සාමාන්‍ය ගුවන් මගී පර්යන්තය ඔස්සේ පිටත්ව යාමට පහසුකම් තිබියදීත් , කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තය ඔස්සේ පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   

JOIN NOW