බලෙන්ම පැවිදි කළ විවාහක දියණිය සිවුර පිටින්ම සැමියා සොයා යයි...සම්පූර්ණ විස්තරය මෙන්න.

Police Sri Lanka Religion Gossips
By Aruna Dec 01, 2021 04:14 AM GMT
Aruna

Aruna

Report

සැමියාගේ අවසරයකින් තොරව අම්මාගේ තනි අභිමතයට රැගෙන ගොස් මෙහෙණි ආරාමයකට ඇතුළත් කොට පැවිදි කර වූ විවාහක දියණිය මෙහෙණි ආරාමයේ සිට පලාවිත් උපැවිදිව සැමියා සමඟ යළි යුගදිවිය පවත්වාගෙන යන බව පොල්පිතිගම පොලිසිය කියයි.

පෙම්වතුන් ලෙසට හඳුනාගෙන ඔවුන්ගේ අභිමතයට විවාහ වී වසරකට වැඩි කාලයක් මොරගොල්ලාගම ප්‍රදේශයේ සැමියා ඉදි කළ නිවහනක දෙදෙනා වාසය කරන අතරවාරයේ නැන්දම්මාට බෑනා අවනත නොවන නිසා ඔහු නිවෙසේ නොසිටි මොහොතක දියණියගේ අම්මා (නැන්දම්මා) පැමිණ ඇයව හොර රහසේ රැගෙන ගොස් මොරගොල්ලාගම ප්‍රදේශයේ මෙහෙණි ආරාමයකට ඇතුළත් කර සිල් මාතාවක් බවට පත්කර තිබුණේ ඉකුත් මස 24 වැනි දිනය.

සිද්ධිය දැනගත් විවාහක සැමියා පසුදිනම එනම් 25 වැනිදා පොලිසියට ගොස් ඇයව සිවුරු ඉවත් කර යළි තමාට ලබාදෙන ලෙසට පොලිසියේ පිහිට පැතීය.

එහෙත් පැවිදි වූ සිල් මාතාව ප්‍රදේශය අතහැර වෙනත් පළාතක වැඩ සිටිය නිසා ඇයව බලෙන් සිවුරු ඉවත් කර සැමියාට ගෙනැත් දීමට නොහැකි තත්ත්වයක පසුවූ බව පොලිසිය සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් ඇය පසුගියදා සැමියාට දුරකථනය මඟින් දැනුම් දී මෙහෙණි ආරාමයෙන් සිවුර දරාගෙනම පලාගොස් සැමියා හමුවී සිවුර ඉවත් කර එයද රැගෙන සැමියා කැටුව 26 වැනි දින සවස් යාමයේ පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබාදී සුපුරුදු නිවහනේ දෙදෙනාම පවුල් දිවිය ගත කිරීම සඳහා නික්ම ගිය බව පොලිසිය සඳහන් කළේය.

අම්මාගේ කැමැත්තට මෙහෙණියක වූ ඇයව මාසයකුත් දින දෙකකට පසුව දිගු වරලස නොමැතිව යළි මෙසේ හෝ හමුවීම සතුටට කරුණක් බවට සැමියා පැවැසූ බවද පොලිසිය පැවැසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now