දෙයියනේ මගේ බෝයිෆ්‍රෙන්ගේ ෆොටෝ එකක් කොහොමද.. අම්මා කළ දෙයක් නිසා දුව ඉස්සරහා ලැජ්ජා වුණු හැටි....
මේසන් වැඩ කරන ඔහු බිරිඳ සහ තම එකම දියණිය සමග සතුටින් පවුල් දිවිය ගත කළත් නොසිතූ ලෙස ඔහු හදිසි අනතුරකින් මිය ගියා මේ නිසා මව සහ දියණියට ඇතිවුණේ බලවත් දුකක් මෙන්ම පාඩුවක් සිදුවූ අතර ආර්ථික අතින්ද බිංදුවට වැටුණ නිසා මව ගෙදරක මෙහෙකාරකමට ගිය අතර දියණිය නගරයේ ඇඟලුම්හලක සේවයට ගොස් තිබුණා.
මවගේ වයස අවුරුදු හතළිහක් පමණ වන අතර දියණියට වසය 18ක් පමණ වනවා. මව වැඩ කරන නිවසට යන එන කිරිගෙන එන ළාබාල තරුණයා සමග සම්බන්ධකමක් ඇති කරගත් ඇය සැමියා නැති නිසා පවුලේ අනාගතය ගැන සිතා ඔහු සමග විවාහවීමට අදහස් කළා එව් නිසාම වයස ගැන සිතුවේ නැහැ මෝරා වැඩෙන ප්‍රේම සම්බන්ධයට මේ ගෙදර අයගේ සහයද ලැබුණා.
දිනක් ඔහුගේ ඡායාරූපයක්ද ලබාගත් ඇය පරෙස්සමට අල්මාරියේ තබා ගත්තා. දියණිය වැඩ ඇරී නිවසට එන අතර බොහෝ විට මේ තරුණයා හමුවුණා.ඔහුද යතුරුපැදිය නවතා මද වේලාවක් කතා කළ අතර මේකත් දුරදිග ගිය සම්බන්ධයක් වුණා. තමාට වඩා වයසින් වැඩි ගැහැනියක් හා සම්බන්ද බව ඔහු සිතුවේ නැහැ.
විනෝදයට බර මේ තරුණයා රූමත් දියණිය සමගද හාද වුණේ මව සහ දුව යනු නොදැනයි. දියණියද මවගේ සම්බන්ධය දන්නේ නැහැ. දිනක් මේ දියණිය ගවුමක් සොයන්නට අල්මාරිය අරින විට මුල්ලක තිබෙනු දුටුවේ කුඩා ඡායාරූපයක්. එය අතට ගත් ඇය අන්දුන් කුන්දුන් වුණා.
මගේ බෝයි ප්‍රෙන්ඩ්ගෙ පොටෝ එක මෙතෙන්ට ආවේ කොහොමද?ඡායාරූපය අතට ගත් ඇය මව සිටින කුස්සියට දිව ගියා. කාගෙද අම්මේ මේ පොටෝ එක. අල්මාරියෙ තිබිල මට අහුවුණා. අම්මට තරු පෙනුණි.ලැජ්ජාවෙන් සලිත වූ ඇය “ඒකත් එහෙමද දුවේ? කීවා.
