"විවාහ වුනාට පස්සේ මමත් සම්ප්‍රදායික ගෘහනියක්, බිරිඳක් වුණා" ශලනි හැඟීම්බර වී කියූ කතාව

Sri Lanka Gossip Today Actress Artist
By Zara Mar 17, 2025 02:50 PM GMT
Zara

Zara

Report

ගොඩක් දෙනෙක් ආදරේ කරන පුංචි තිරයේ දක්ෂ නිළියක් තමයි ශලනි ප්‍රනාන්දු කියන්නේ.

හැබැයි ශලනි, හර්ෂ උඩකන්ද සමග විවාහ වීමත් සමග වැඩිපුර කලා කටයුතුවල දකින්න ලැබුණේ නැහැ. ඉතින් මේ දවස්වල ඔවුන් දෙදෙනා මොනවද කරන්නේ කියලා අපි ටිකක් හොයලා බැලුවා

මේ ඔවුන් දෙදෙනා ගැන සමඟ වෙබ්අඩවියක් කළ පුංචි කතාබහක්.

මේ දවස්වල මොකද කරන්නේ?

මගේ රෝස ආදරේ චිත්‍රපටය තාමත් සාර්ථකව තිරගත වෙනවා. එහි කටයුතුවලටත් සහභාගි වෙනවා. අලුත් ටෙලි නාට්‍යයක් සහ චිත්‍රපටයක් වෙනුවෙන් සූදානම් වෙනවා.

අලුත් නිර්මාණය මොකක්ද?

අලුත් ටෙලි නාට්‍යය ඉදිරියේදී දෙරණ නාළිකාවෙන් විකාශනය වෙයි. ඒ වෙනුවෙන් මේ දවස්වල වැඩ කරනවා. මෙතෙක් නිර්මාණය නොකරපු චිත්‍රපටය තමා කරන්න හිතාගෙන ඉන්නේ.

මේ ඔබේ කීවැනි චිත්‍රපටයද?

මම සූදානම් වෙන්නේ මගේ අටවැනි සිනමා නිර්මාණය වෙනුවෙන්.

මේ නිර්මාණයට ඔබේ බිරිඳ ශලනි ප්‍රනාන්දු එක්වෙනවද?

මගේ ටෙලි නාට්‍යයේ සහ චිත්‍රපටයේ දෙකේම ශලනි රඟපාන්නේ නැහැ. 

නමුත් ශලනි ඔබේ එක නිර්මාණයකවත් රඟපාන්නේ නැහැ නේද?

මම කවදාවත් කියලා නැහැ මගේ නිර්මාණවල ශලනි රඟපාන්න ඕනේ කියලා. ශලනි මාව විවාහ කරගත්තේ මගේ නිර්මාණවල රඟපාන්න නෙවේ. එයින් අදහස් කරන්නේ ශලනි මගේ නිර්මාණවල රඟ නොපානවා කියන එක නෙවෙයි. මම අධ්‍යක්ෂවරයෙක් කියලා මගේ නිර්මාණවල ඇයට චරිත තියෙන්න ඕනේ කියලා එකක් නැහැ. මම කැමැතියි ශලනි රඟපානවාට. විශේෂයෙන්ම වෙනත් අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවල රඟපානවා දකින්නයි මම වඩාත් කැමැති. කෙසේ වුවත් ඇය පුංචි විරාමයක් අරගෙන සිටිනවා. ඇයට ඒ විවේකය ඇති, දැන් රඟපාන්න ඕන කියලා තීරණය කළාම ශලනි යළි රංගනයට එක්වෙයි.

කාර්ය බහුල දිවියේ ඔබලා වෙනුවෙන් කාලය හොයාගන්නේ කොහොමද?

නිර්මාණ කටයුතුයි, අපේ ව්‍යාපාරවලටයි කාලය වෙන් කළාම අපි වෙනුවෙන් කාලය හොයාගන්න එක තමයි ලොකුම අභියෝගය. නමුත් කොච්චර කාර්යබහුල වුණත් අපි දෙන්නා, අපි දෙන්නා වෙනුවෙන් වැය කරන්න කාලය හොයා ගන්නවා. ඇත්තටම අපි හමුවෙලා ලොකු කාලයක් ගත කළේ හොඳම යාළුවෝ විදිහට. අපි ආදරවන්තයන් වෙලා ඉතා කෙටි කාලයකින් විවාහ වුණා. අපි පෙම්වතුන් ලෙස අපිට ගත කරන්න නොලැබුණු සමය දැන් ගත කරනවා කිව්වොත් හරි.

නිළියකට පෙම් කිරීමේ අත්දැකීම සාමාන්‍ය යුවතියකට පෙම් කරනවාට වඩා වෙනස්ද?

එහෙම කියන්න බැහැ. නිළියක් වුණත්, සාමාන්‍ය කාන්තාවක් වුණත් ආදරය ළඟදි එක වගේ. රංගනය කියන්නේ තවත් එක වෘත්තියක් විතරයි. නමුත් ඉතින් නිළියක් කියන්නේ ජනප්‍රිය චරිතයක් නිසා එවැනි කෙනෙකුට පෙම් කරද්දි ඒ ප්‍රේමය ප්‍රසිද්ධ වෙනවා. අනිත් අයගේ අවධානයට ලක්වෙනවා.

ජනප්‍රිය යුවළවල්වල වගේම ඔබ දෙදෙනාටත් කටකතා හැදුණා නේද?

කටකතා කියන එක නම් අපි පෙම්වතුන් වෙන්න පෙර සිටම අපට හැදුණා. ශලනි මගේ නිර්මාණවල රඟපාන කාලෙම අපි පෙම්වතුන් කියලා කටකතාවක් පැතිරුණා. මම ඇය සමග විවාහ වෙද්දි මම දරුවෝ ඉන්න කෙනෙක් කියලා සමහරු කිව්වා. ඔය කියන අය අපිව මුණගැහිලා කතා කරලා හෝ අපේ ජීවිතවල ඇත්ත දන්න පුද්ගලයෝ නොවෙයි. ඉතින් ඒ වගේ කිසිම තේරුමක් නැතිව මිනිස්සු කියන කතා අපි අපේ ජීවිතවලට අදාළ කරගෙන නැහැ. අපේ ළඟින් ඉන්න අය අපි කවුද කියලා දන්නවා නම් අපිට ඒ ඇති. ඒ විදිහට හැදුණ කතා දිහා උපේක්ෂාවෙන් බලනවා හැර ඒ දේවල් අපේ කරගන්නේ නැහැ.

හර්ෂගේ ජීවිතයේ විසල් ඉඩක් හිමිවෙලා තියෙන්නේ ඔබ තුළ ජීවත්වෙන පෙම්වතාටද? අධ්‍යක්ෂවරයාටද?

ඒක හරිම සංකීර්ණ ප්‍රශ්නයක්. ඇත්තටම මම මගේ වෘත්තිය කරන්නේ ජීවත් වෙන්න. අපි ජීවත් වෙන්නේ ආදරය එක්ක. මම ශලනිත් එක්ක මගේ දෙමව්පියන් එක්ක, හිත මිතුරන් එක්ක ආදරයෙන් ගත කරන ජීවිතයට තමයි වඩාත් ආදරය කරන්නේ. නමුත් නිර්මාණකරුවෙක් විදිහට කලා නිර්මාණයක් කළාම මම එය විඳිනවා සහ එයින් සතුටක් ලබනවා. හැබැයි මගේ ජීවිතේ අංක එකට ඉන්නේ බිරිඳ.

පුංචි පවුල ඇතුළේ කිරි සිනාවක් දකින්න ලැබෙන දවස අත ළඟයිද?

ඒ ගැන හිතල තියෙනවා. අපි ඒ කාරණය කාලයට ඉඩදීලා බලා ඉන්නවා නෙවෙයි. මම මුලින් පැවැසුවා වගේ පෙම්වතුන් විදිහට අපිට ගෙවන්න බැරිවුණ කාලය තමයි මේ ගෙවන්නේ. ඒ නිසා ඒ සතුටත් විඳලා ඔබ කිව්ව ප්‍රාර්ථනයත් ඉතා ඉක්මනින් ඉෂ්ට කරගන්නවා.

හර්ෂ උඩකන්ද ජීවිතය ගැන එහෙම කියනකොට ශලනි එක්ක කතා නොකර කොහොමද?

හර්ෂගේ ආදරණීය බිරිඳ ශලනි ප්‍රනාන්දු කාලෙකින් පුවත්පතකට එකතු වුණා….

ශලනි දැන් නිළියගේ චරිතයෙන් මිදිලා බිරිඳගේ චරිතයට පිවිසිලාද?

රංගනයෙන් මිදිලා කියල නැහැ. මම පොඩි විරාමයක් අරගෙනයි ඉන්නේ. විවාහයෙන් පසුව මමත් සම්ප්‍රදායික බිරිඳ, ගෘහණිය කියන චරිතය ඇතුළේ තමයි ජීවත් වෙන්නේ. මට රසට උයන්න පුළුවන්. හර්ෂ අයියට බත් කන්න ඕන. ඒ නිසා මම ගෙදර උයනවා. මට ගෙදර වැඩ හොඳට පුරුදුයි. මම ගෙදර ඉන්න කාලේ මගේ අම්මා කිව්ව දෙයක් තමයි ඔයා ලෝකෙට නිළියක් වුණාට ගෙදරට නිළියක් නෙවෙයි කියන එක. ඒ නිසා මට ගෙදර උයන පිහන, අතුගාන, ගෙදර වැඩ ටික හොඳට හුරුයි. මගේ තාත්තා නැතිවෙන්නේ මට අවුරුදු හතරෙදි. තාත්තා නැති ගෙදර අම්මට ගොඩක් වගකීම් වැඩිවෙද්දි මම අම්මගේ වැඩවලට උදව් කළා.

ජීවිතේ බොහෝ දේවල් සිද්ධ වුණා ඉක්මන් වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද?

අනේ නැහැ. මේ හැම දෙයක් ගැනම මම ගොඩක් සතුටුයි. හර්ෂ අයියා මගේ ජීවිතේ කිසිම දෙයක් ගැන පසුතැවෙන්න මට ඉඩ තියලා නැහැ. එයා ගොඩක් හොඳින් මාව බලාගන්නවා. මොකක්දෝ හේතුවකට මගේ ජීවිතේ බොහෝ තීරණ ඉක්මනින් ගන්න සිද්ධ වුණා. මට අවුරුදු 16දි දෙරණ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙනවා. ඒත් එක්කම මට රඟපාන්න අවස්ථාව ලැබෙනවා. ජනප්‍රියත්වයත් බොහොම ඉක්මනින් මා කරා ගලා එනවා. ඊට පස්සේ අවුරුදු 24දි මම විවාහ වෙනවා. ඒ හැම දෙයක්ම ලස්සන හීනයක් වගේ. මම ඒ හීනයට කැමැතියි. ඒ හීනය ඇතුළේ තමා මට හැම දෙයක්ම ලැබෙන්නේ.

ඔබ දෙදෙනාගේ ප්‍රේමයට බාධක ආවෙ නැද්ද?

අපේ අම්මා කිසි වෙලාවක හර්ෂ අයියගේ වරදක් දැක්කෙ නැහැ. විවිධ අවස්ථාවල යම් යම් අය ගැන කියද්දි අම්මා ඒ අයගෙ විවිධ අඩුපාඩු දැක්කා. හැබැයි හර්ෂ අයියගේ අඩුපාඩු දැක්කෙ නැහැ. අම්මට දැනෙන්න ඇති එයා මාව බලාගත්තා වගේ මාව බලාගන්න කෙනා මෙයා කියලා. ඒ නිසාම අපේ ආදරයට ආශිර්වාද කළා. දැන් අපේ අම්මට මටත් වඩා හොඳ හර්ෂ අයියා. මම දුව කියන එකත් අමතක වෙන තරමට හර්ෂ අයියා මගේ අම්මගේ පුතා වෙලා.

විවාහය සමග මීගමුව හැර ගියාද?

දැන් අපි පදිංචි වෙලා ඉන්නේ මහරගම. ඉඳහිට මගේ ගම වන මීගමුවට යනවා. මොකද මගේ අම්මා, මගේ නෑදැයෝ ඉන්නේ එහෙනේ.

ඇයි ශලනි ශරීරයේ හැඩය පාලනය කරගන්න නොහිතුවේ?

විවාහයෙන් පස්සේ මම විවේක කාලයක් ගත්තා. ඒ කාලය පුරාම අපි ඇවිද්දා, කෑවා බිව්වා. මම කොහොමටත් විවිධ කෑම රස බලන්න කැමැති කෙනෙක්. ඒ නිසා හොඳට කෑවා බිව්වා. ඒකත් එක්ක තමයි මාව මහත් වෙන්න පටන් ගත්තෙ. තවමත් එහෙමම තමයි. හොඳට කාලා බීලා ඉන්නවා. කන්න බොන්න ගියාම මට ඇඟේ හැඩය ගැන අමතක වෙනවා.

යළි රංගනයට එනවා නම් සිරුරේ හැඩය හදාගන්න වෙයි නේද?

ඔව්, චරිතයක් ලැබුණොත් ඒකට ගැළපෙන්න සිරුරේ හැඩය හදාගන්න වෙනවා. තවම ඒ ගැන අදහසක් නැති නිසා නිදහසේ ඉන්නවා. එහෙම කතා කරද්දි ශලනි කියන්නේ කම්මැලි චරිතයක්ද කියලා හිතෙනවා. වැඩවලට මම කම්මැලි කෙනෙක් නෙවෙයි. ඒත් මම සාමාන්‍යයෙන් දිරිමත් කරන්න ඕනේ කෙනෙක්. ඉස්සර අපේ අම්මා තමයි මගේ පසුපසින් ඉඳන් ඔයා මේ දේ කරන්න කියලා මාව උනන්දු කළේ. දැන් හර්ෂ අයියා තමයි මාව උනන්දු කරන්නේ. එහෙම උනන්දු කරනකොට කම්මැලිකම අඩුවෙලා අපහු නියම තත්ත්වයට එනවා.

ශලනිට නිළියක් විදිහට තියෙන බලාපොරොත්තු මොනවද?

මේ මේ චරිතය කරන්න, ලස්සන ඇඳුම් ඇඳලා තිරයේ ලස්සනට ඉන්න ඕන කියලා නැහැ. මට ලැබෙන චරිතය මොකක්ද, ඒකට ගැළපෙන ඇඳුම ඇඳලා රඟපාන්න මට පුළුවන්. මම කොහොමත් ප්‍රේක්ෂකයෝ අඬවන්න කැමැති කෙනෙක්. මම රඟපාපු ලිහිණිගේ චරිතයත් එක්ක ප්‍රේක්ෂකයෝ අඬවන්න මට පුළුවන් වුණා. ඒ නිසා ඉදිරියට කුමන චරිතය ලැබුණත් ඒක ඉතා හොඳින් කරන්න පුළුවන් කියලා මට විශ්වාසයි.

මිනිසුන් මෙන් වෙස්වලාගත් තිරිසනුන් පිරිසක් කල සාහසික ක්‍රියාව

මිනිසුන් මෙන් වෙස්වලාගත් තිරිසනුන් පිරිසක් කල සාහසික ක්‍රියාව

දින කිහිපයකට පසු අඹුසැමි යුවලගේ සිරුරු නිවස තුළින් හමුවේ

දින කිහිපයකට පසු අඹුසැමි යුවලගේ සිරුරු නිවස තුළින් හමුවේ

ReeCha