ජනවාරියේ සිට ක්‍රියාත්මක වැට් බද්දට යටත් නොවන භාණ්ඩ මොනවද දන්නව ද?. සම්පූර්ණ ලැයිස්තුව මෙතනින්..

Report

ලබන ජනවාරි මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්දට යටත් නොවන භාණ්ඩ ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජනවාරියේ සිට ක්‍රියාත්මක වැට් බද්දට යටත් නොවන භාණ්ඩ මොනවද දන්නව ද?. සම්පූර්ණ ලැයිස්තුව මෙතනින්.. | Goods Not Subject To Vat

ඒ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ය.

ඒ අනුව ඉන්ධන, ළදරු කිරිපිටි, තිරිඟු පිටි, සහල්, සහල් පිටි සහ දේශීයව නිෂ්පාදනය කරන ලද පාන් අයත් වේ.

එමෙන්ම, දේශීය ඇඟලුම් නිෂ්පාදන, අධ්‍යාපන සේවා, අධ්‍යාපනික සේවා, පොදු මගී ප්‍රවාහන සේවා, විදුලිය බෙදාහැරීම, භූමදාන හා ආදාහන සේවා, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආගමන කවුන්ටරයෙන් ඔබ්බට ආපනශාලා සේවා, විදේශ දූත මණ්ඩල සහ රාජ්‍යතාන්ත්‍රික පිරිස් වෙත භාණ්ඩ හා සේවා ද එම භාණ්ඩ ගණයට අයත් වේ.

තව ද, ආපදා සහන සඳහා විදේශීය සංවිධාන මගින් අරමුදල් සපයන භාණ්ඩ හෝ සේවා, විවිධ කාණ්ඩ යටතේ වූ මුල්‍ය සේවා, රෝහල් කාමර ගාස්තු හැර සෞඛ්‍ය සේවා, සකස් නොකළ කෘෂිකාර්මික, උද්‍යාන විද්‍යාත්මක හෝ ධීවර නිෂ්පාදන මෙන්ම දේශීයව නිෂ්පාදනය කරන අත්යන්ත්‍ර රෙදිපිළි ද එම වැට් බද්දට යටත් නොවේ.