මේ එළවලු ගන්න යන අයට අද සුබ ආරංචියක් මෙන්න
මේ වන විට වෙළදපොලේ එළවළු තොග මිල ඉකුත් කාලසීමාවට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමකින් පහළ බැස ඇති බව වාර්තා වේ.
ඒ අනුව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණ භාරය ප්‍රකාශ කර ඇත්තේ දිනපතා ලැබෙන එළවලු තොග ඉහළ යාම නිසා මෙසේ එළවලු මිල පහත බැස ඇති බවයි.
එබැවින් කැරට්, බෝංචි, වට්ටක්කා, ගෝවා, තක්කාලි, රතු අල, ලීක්ස්, රාබු ආදී එළවලු රැසක මිල පහත බැස ඇති බව වාර්තා වේ.
මේ අතර වෙළදපොලේ වට්ටක්කා කිලෝවක් රුපියල් 60 ක් දක්වා පහළ බැස ඇති බවයි වෙළදපොල වාර්තා දක්වන්නේ.
කෙසේ වෙතත් ජීවන අරගලය සමඟ ගැටෙන මිනිසුන්ට නම් මෙය සුබ පණිවුඩයක් වනු ඇත.