විදෙස්ගත ශ්‍රි ලාංකිකයින්ගේ දූ දරුවන්ට මෙන්න සුබ ආරංචියක්

Report

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විදේශ රැකියාවල නිරත වී සිටින ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට අයදුම්පත් කැඳවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2019.01.01 දින සිට 2024.09.15 දක්වා කාලය තුළ කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවේ නිරත වී සිටින දෙමාපියන්ගේ දරුවන් වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව පිරිනමන බව සඳහන්.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

එසේම 2024 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්, 2023 (2024) වර්ෂයට අදාළ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සමත් හා 2023 (2024) වර්ෂයට අදාළව අ.පො.ස (උසස් පෙළ) විභාගය සමත්ව රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක හෝ නැතිනම් රජයේ කාර්මික විද්‍යාලයක හෝ වෙනත් රජයේ අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය හදාරන දරුවන්ට මෙම ශිෂ්‍යත්වයට අයදුම් කළ හැකි බව පවසයි.

ඒ අනුව 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවෙක් වෙත රු.25,000.00 ක මුදලක්, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවන්ට රු.30,000.00 බැගින් හා අ.පො.ස උසස් පෙළ විභාගය සමත් දරුවන්ට රු.40,000.00 බැගින් මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතව ඇත.

බයික් පදින සියලුම පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

බයික් පදින සියලුම පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

ශිෂ්‍යත්වවලට අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කරයි.

ඒ අනුව කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියට පිවිස ශිෂ්‍යත්වයට අයදුම් කළ හැකි බව සඳහන්.

මේ අතර 2024 වර්ෂය තුළදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් 2688 දෙනෙක්ට රුපියල් මිලියන 81.12 ක මුදලක් ශිෂ්‍යත්ව ලෙස පිරිනමා ඇති බව ද සඳහන්.

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ