ඉදිරි දින කිහිපයේ රන් මිලෙහි සිදුවන වෙනස මෙන්න.

Sri Lanka Business Gold American World market
By Aruna Jun 13, 2021 08:57 AM GMT
Aruna

Aruna

Report

ලෝක වෙළඳ පොලේ ඉදිරි මාස කිහිපය තුල රන් මිල ඉහළ අගයක් ගනු ඇතැයි විශ්ලේෂකයින් පවසනවා.

ඒ ගෝලීය උද්ධමනය අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ අගයක් ගැනීම හේතුවෙන්.

උද්ධමනය ඉහළ යෑමත් සමග රන් මිලෙහි වැඩිවීමක් බොහෝවිට අපේක්ෂා කළ හැකියි.

සති අන්තය වන විට ලෝක වෙළඳ පොලෙහි රන් අවුන්සයක මිල ඩොලර් 1876 ශත 87ක් ලෙස සටහන් වූයේ සතිය තුළ මිලෙහි අඩුවීමක් සටහන් කරමින්.

කෙසේ නමුත් ඇමරිකාවේ වාර්ෂික උද්ධමනය ඉහළ යෑම වසර 13කින් ඉහළම අගය සලකුණු කිරීම නිසා රන් මිල නැවතත් ඉහළ යනු ඇතිබව අපේක්ෂා කරයි.

ඒ අනුව නුදුරේදීම රන් අවුන්සයක් ඩොලර් 1950ත්,1975ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now