පිරවුමක් අසල ගුටි කෙළිය රෝහලෙන් අවසන් වීම..
By krishani
වැල්ලවාය - මොනරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය නගරය ආසන්නයේ දී ඉන්ධන පිරවුම් හලක් අසල ඊයේ(23) රාත්‍රීයේ නොසන්සුන් තත්ත්වයක් ඇති ව තිබේ.
ඒ එහි සිටි පිරිසක් ඉන්ධන ඉල්ලා වැල්ලවාය - මොනරාගල ප්‍රධාන මාර්ගයේ ටයර් පුළුස්සා විරෝධය පළ කර ඇති අතර තවත් පිරිසක් පැමිණ මාර්ගය අවහිර නොකරන ලෙස විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිට ඇත.
නමුත් එම ඉල්ලීමට විරෝධතාකරුවන් එකඟ නොවීම නිසා අනෙක් පිරිස ඔවුන්ට පහර දී ඇති අතර පහරකෑමට ලක් වූ දෙදෙනෙක් ප්‍රදේශවාසීන් එක්ව රෝහල්ගත කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |