අත්අඩංගුවට පත් ඥානසාර හිමියන් අද අධිකරණයට

Report

අභියාචනාධිකරණය මඟින් විවෘත වරෙන්තු නිකුත් කර තිබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිර දඬුවම් නියම වී සිටින ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය මීට පෙර නියෝග කර තිබිණි.

එමෙන්ම උන්වහන්සේට විදේශගත වීම වළක්වාලමින් විදේශ ගමන් තහනමක්ද අභියාචනාධිකරණය විසින් පනවා තිබුණි.

කෙසේ වෙතත්, වරෙන්තු නිකුත් කර තිබියදී ඥානසාර හිමියන් ඊයේ (03) රාත්‍රියේ තීනියාවල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයකදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව උන්වහන්සේ එදින රාත්‍රියේම කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන ගොස් ඇති අතර, අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මීට සුළු මොහොතකට පෙර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට

මීට සුළු මොහොතකට පෙර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට

“රැවටුණේ නෙවෙයි, රැවැට්ටුවා.. මූණ දිහා බලාගෙන බොරු කිව්වා.. කාන්තාවගේ දුක වේදනාව විකුණන් කෑවා" - මරික්කාර්ගෙන් සියල්ල වමාරයි

“රැවටුණේ නෙවෙයි, රැවැට්ටුවා.. මූණ දිහා බලාගෙන බොරු කිව්වා.. කාන්තාවගේ දුක වේදනාව විකුණන් කෑවා" - මරික්කාර්ගෙන් සියල්ල වමාරයි