වසර හතරක සිර දඬුවම් ලැබූ ඥානසාර හිමිට අද අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය..!

By Sewvandhi Apr 02, 2024 08:10 AM GMT
Report

කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස කර තිබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

මෙම තීන්දුව ලබා දුන්නේ, ඥානසාර හිමියන්ට සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතාම විසිනි.

දැනට නියම කර තිබෙන වසර හතරක සිරදඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා විත්තිකාර ඥානසාර හිමියන් ඇපමත මුදාහරින ලෙස ඉල්ලමින් ඔහුගේ නීතිඥවරු විසින් මෙම ඇප ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.