මෙරට තරුණ තරුණියන්ට එන්නත් දීම අත්හිටුවයි..? තීරණය කුමක්ද..?
වයස අවුරුදු 20ත් 29ත් අතර තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබාදීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.එහි මාධ්‍ය ප්‍රකාශක සමන්ත ආනන්ද මහතා පවසන්නේ එම වයස් කාණ්ඩය සඳහා සයිනොෆාම් එන්නත ලබාදීම සුදුසු බවට මේ වන විට නිර්දේශ කර ඇති බවය.
එබැවින් මෙරට සතු කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් තොගය පාසල් ළමුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ප්‍රකාශ කළේය.
"වයස අවුරුදු 20ත් 29ත් අතර පිරිසට නිර්දේශිත එන්නත තමයි සයිනොෆාම් එන්නත. එම එන්නතේ අවශ්‍ය තරම් තොග ලැබෙන නිසා ෆයිසර් එන්නත ඒ කණ්ඩායමට වෙන් නොකර පාසල් දරුවන් සඳහා වෙන්කරලා. ඒ කාණ්ඩයට අවශ්‍යතාවයක් තිබෙනවානම් ෆයිසර් එන්නත වෙනුවට සයිනොෆාම් එන්නත ලබාදෙන්න කියන එක තමයි අපි ඉදිරිපත් කළේ. ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් සෞඛ්‍ය අමාත්‍යවරයා දැක්වූවා. සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියා මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට කියලා. ඒ වාගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පිළිබඳව අදාළ නිර්දේශ ගැනීමට කටයුතු කරමින් යන බව කියා සිටියා.“
එමෙන්ම,ශීඝ්‍ර සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය පූර්ණ එන්නත්කරණය ලද පුද්ගලයෙකුට වූවද ආසාදනය වීමේ හැකියාවක් පවතින බව ලොව පුරා විද්‍යාඥයින් රැසක් මේ වනවිට අනාවරණය කරගෙන අවසන්.
එලෙස සිදුකළ නවතම පර්යේෂණාත්මක අධ්‍යයනයක තොරතුරු නේචර් නැත්නම් ස්වභාව විද්‍යාත්මක සඟරාවේ පළකර ඇති අතර, ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මග හැරීමේ හැකියාව එහි නැවතත් දක්වා තිබෙනවා.
එම වාර්තාව උපුටා දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයට එලෙස ප්‍රතිශක්තිකරණ පද්ධතිය මග හැරීමේ ඉහළ හැකියාවක් පවතින බවයි.
එබැවින් එන්නත්කරණයෙන් පසුවද කොරෝනා ආසාදනය වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමේ වැදගත්කම ඔහු පෙන්වා දෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |