ලංකාවම අන්දලද? ජනපතිගේ අයවැය කතාවයි ලේඛනයයි වෙනස්.. GMOA වෙතින් විශේෂ නිවේදනයක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ජනාධිපතිවරයා අයවැය කථාවේදී ප්‍රකාශ කළ කරුණු හා ඊට අදාළ ලේඛන අතර පරස්පරතා නිරීක්ෂණය වී ඇති බව පවසන බව වාර්තා වේ.
ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ එම පරස්පරතා අධ්‍යයනය කිරීමට කමිටුවක් ද පත් කර තිබෙන බවයි.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී ඇත්තේ ඉදිරිපත් කරන ලද අයවැය ලේඛණය සම්බන්ධයෙන් එම සංගමයේ විශේෂිත හදිසි විධායක කමිටු රැස්වීමක් ඊයේ පැවැත්වූ බවයි.
එසේම එහි ජනාධිපතිවරයාගේ අයවැය කථාව තුළ ප්‍රකාශිත කරුණු හා කථාව අඩංගු ලේඛන අතර මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ අයවැය යෝජනාවලිය අතර යම් පරස්පරතා නිරීක්ෂණය වී ඇති බැවින් ඒ සම්බන්ධව නිශ්චිත අධ්‍යයනයක් සිදු කිරීම සඳහා කමිටුවක් පත් කළ බවත් එම වාර්තාව එළඹෙන අඟහරුවාදා ලබා ගැනීමට තීරණය වී ඇති බවත් සඳහන්.
එබැවින් ඊට අදාළ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන 19 වැනි දින කැඳවීමටද තීරණය කර ඇති බව අඳාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ
අඳාළ සම්පූර්ණ නිවේදනය පහතින්,