මේ සහතිකය අනිවාර්යයි - සහතිකය නොමැති අයට වෙන දේ ගැන පාරිභෝගික කටයුතු අධිකාරියෙන් දන්වයි

Report

අනිවාර්ය SLS 591 සහතික කිරීමේ සලකුණ නොමැතිව නිෂ්පාදන සොයා ගැනීම සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් සුපිරි වෙළඳසැල් ක්‍රියාකරුවෙකු සහ ටින් මාළු නිෂ්පාදකයෙකු ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට රුපියල් 110,000 ක දඩ මුදලක් නියම කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) සඳහන් කර ආකාරයට සුපිරි වෙළඳසැල් ක්‍රියාකරුට සහ එහි නිලධාරීන් දෙදෙනෙකුට ඒකාබද්ධව රුපියල් 90,000 ක දඩ මුදලක් නියම කර ඇත.

එසේම ටින් මාළු නිෂ්පාදකයාට සහ එහි කළමනාකාර අධ්‍යක්ෂවරයාට රුපියල් 20,000 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

මෙම නඩුව 2026 අගෝස්තු 11 වන දින කොළඹ පිහිටි සුපිරි වෙළඳසැලක පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් සිදු කරන ලද පරීක්ෂාවකින් පසුව ගොනු කර ඇත.

එහිදී අනිවාර්ය SLS 591 සහතික කිරීමේ සලකුණ නොමැති, ග්‍රෑම් 185 බැගින් බරැති ටින් මාළු ටින් 87ක් නිලධාරීන් විසින් සොයා ගෙන ඇති අතර එම තොගය තුළ සූරියකාන්ත තෙල් අඩංගු ටින් 64ක් සහ ඔලිව් තෙල් අඩංගු ටින් 23ක් වූ බව සඳහන්.

එසේම ඉන් ටින් 32ක් විකිණීමට ප්‍රදර්ශනය කර තිබූ අතර, ඉතිරි ටින් 55 ගබඩාවේ තබා තිබූ බව විමර්ශනවලදී හෙළිව ඇත.

රටම හොයපු කහ ගෑස් එකේ ඊයේ මහ රෑ මිල වැඩි කරපු ඇත්තම හේතුව - ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන්ට තිත්ත ඇත්තක්

රටම හොයපු කහ ගෑස් එකේ ඊයේ මහ රෑ මිල වැඩි කරපු ඇත්තම හේතුව - ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන්ට තිත්ත ඇත්තක්

ඒ අනුව අවශ්‍ය සහතික කිරීමේ සලකුණ නොමැති ටින් මාළු විකිණීමට ප්‍රදර්ශනය කිරීම, ගබඩා කිරීම, නිෂ්පාදනය කිරීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත.

එබැවින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ විත්තිකරුවන් පස් දෙනාට රු. 110,000ක මුළු දඩ මුදලක් නියම කර ඇත.

හෙට සිට කෑම මිලත් ඉහළට - රයිස්, කොත්තු, බත් පාර්සල් සහ කෙටි ආහාරවල මිල වැඩි වන හැටි මෙන්න

හෙට සිට කෑම මිලත් ඉහළට - රයිස්, කොත්තු, බත් පාර්සල් සහ කෙටි ආහාරවල මිල වැඩි වන හැටි මෙන්න