"ජනතාවට සුන්දර කතා කියන්න එපා - පුළුවන් නම් ලබන අවුරුද්දේ අධිවේගී මාර්ග ඉවර කරලා පෙන්නන්න '' - චාමර සම්පත්ගෙන් අයවැය විවාදයේදී සැර ප්‍රහාරයක්

Report

බන්ධනාගාර තුනක් හොරණ ප්‍රදේශයට ගෙන යාමට රජය සැලසුම් කර තිබුණද, ඒ සඳහා අයවැයෙන් වෙන්කර ඇති මුදල් ප්‍රමාණවත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා පවසයි.

අයවැය විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ මැගසින්, වැලිකඩ ඇතුළු බන්ධනාගාර තුනක් හොරණ ප්‍රදේශයට ගෙන යාමට රජය සැලසුම් කර ඇති බවයි.

ජනාධිපතිවරයාගේ අයවැය කතාවේදීද මේ සම්බන්ධයෙන් කරුණු සඳහන් කර ඇති බව පෙන්වා දුන් ඔහු, එවැනි විශාල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අතිවිශාල මුදලක් අවශ්‍ය බව අවධාරණය කළේය.

බන්ධනාගාර වැනි දැවැන්ත ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර නිසි සැලසුමක් සහ ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන තිබිය යුතු බවත්, දැනට වෙන්කර ඇති මුදලින් එම ව්‍යාපෘති අවසන් කළ නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම අයවැයෙන් යෝජනා කර ඇති ගොඩනැගිලි ඉදිකිරීම් සහ ශක්‍යතා අධ්‍යයන වාර්තා සකස් කිරීම සඳහා වෙන්කර ඇති මුදල්ද ප්‍රමාණවත් නොවන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

විශේෂයෙන් කොළඹ නගරයේ විශාල මහල් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බැවින්, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති පමණක් ජනතාවට ඉදිරිපත් කරන ලෙසද ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

මේ අතර, අධිවේගී මාර්ග ව්‍යාපෘති පිළිබඳවද අදහස් දැක්වූ චාමර සම්පත් මහතා, ලබන වසර තුළ එම ව්‍යාපෘති අවසන් කළ හැකි නම් එය ක්‍රියාවෙන් ඔප්පු කරන ලෙස රජයට අභියෝග කළේය.

රජයට මුදල් සොයාගැනීමට හැකි වුවද, එම මුදල් නිසි ලෙස වැය කර ව්‍යාපෘති සාර්ථකව අවසන් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ගැටලු පවතින බවද ඔහු චෝදනා කළේය.

එමෙන්ම සපුගස්කන්ද ප්‍රදේශයේ සිට කොළඹ වරායේ පිටත නැංගුරම් ස්ථානය දක්වා තෙල් ප්‍රවාහනය කිරීම සඳහා නව නල පද්ධතියක් ඉදිකිරීමට රජය ගෙන ඇති යෝජනාව පිළිබඳවද මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

නැව්වලින් තෙල් ගොඩබෑම සඳහා ගතවන කාලය අඩු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව සඳහන් කළ ඔහු, එය මාස කිහිපයක් වැනි කෙටි කාලයකදී අවසන් කළ හැකි බවට ඉදිරිපත් වන අදහස් පිළිබඳව සැක පළ කළේය.

එවැනි නල පද්ධතියක් ඉදිකිරීමේදී අවශ්‍ය කාලය සහ මුහුණදීමට සිදුවන ප්‍රායෝගික බාධා පිළිබඳව නිසි අවධානය යොමු කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය. ජනතාවට ආකර්ෂණීය පොරොන්දු ලබාදීම වෙනුවට, සැබවින්ම ක්‍රියාත්මක කළ හැකි සහ නියමිත කාලසීමාව තුළ අවසන් කළ හැකි ව්‍යාපෘති පිළිබඳව පමණක් රජය ප්‍රකාශ කළ යුතු බව මන්ත්‍රී චාමර සම්පත් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

කෝ ඩොලර් බිලියන හතර.. පහුගිය අවුරුද්දේ ඔබතුමාලගේ අමාත්‍යාංශයට වෙන් වුනු මුදල් වියදම් කරපු විදිහ කියන්න.. මුළු රටටම ඕන ඇත්ත නාමල් සභාවට ගෙනෙයි

කෝ ඩොලර් බිලියන හතර.. පහුගිය අවුරුද්දේ ඔබතුමාලගේ අමාත්‍යාංශයට වෙන් වුනු මුදල් වියදම් කරපු විදිහ කියන්න.. මුළු රටටම ඕන ඇත්ත නාමල් සභාවට ගෙනෙයි