ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට හෙට පස්වරු 4.00 දක්වා බලපැවැත්වෙන නිවේදනයක්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට පියවර ගෙන ඇත.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (14) පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා බලපැවැත්වෙන පරිදි විමසිලිමත් බවින් සිටින ලෙස දක්වා නිකුත් කර තිබෙනවා.
රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට, හාලිඇල, බදුල්ල, බණ්ඩාරවෙල, පස්සර, ඇල්ල, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, මාවනැල්ල, අරණායක, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝවුඩ්, අඹගමුව කොරළය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, වැලිගේපොල, ඇලපාත, අයගම යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.