පළමු ශ්‍රේණියට ඇතුළත් කරන්න ළමුන් මදියි - රටේ දරු උපත් පහළ වැටිලා - අමාත්‍ය හෙළිදරව්ව මෙන්න
අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරන්නේ මෙරට පාසල් පද්ධතියේ පළමු ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුළත් කිරීම වාර්ෂිකව හතළිස් දහසකින් (40,000) පමණ කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව විශේෂ සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බවයි.
ඔහු පෙන්වා දෙන්නේ රට තුළ වාර්ෂිකව සිදුවන දරු උපත් අනුපාතය සැලකිය යුතු මට්ටමකින් පහත වැටීම මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව වී ඇති බවයි.
සාමාන්‍යයෙන් මෙරට පාසල් වෙත වාර්ෂිකව පළමු ශ්‍රේණිය වෙනුවෙන් ඇතුළත් කරගනු ලබන දරුවන්ගේ සංඛ්‍යාව ලක්ෂ තුනකට (300,000) ආසන්න බව අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්තයන් පෙන්වා දෙයි.
එමෙන්ම දිවයින පුරා නව ප්‍රාථමික පාසල් 309ක් අලුතින් පිහිටුවීමට රජය සැලසුම් කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ඉන් ප්‍රාථමික පාසල් 31ක් මෙම වසර තුළදීම ස්ථාපිත කෙරෙන අතර, එම සියලු පාසල් එක්සත් සහ ආකර්ෂණීය වූ එකම ගෘහ නිර්මාණ ශිල්පීය සැලසුමකට අනුව ඉදිකිරීමට නියමිතය.
රැකියා විරහිත උපාධිධාරීන් 80000 ඉන්නවා - රජයෙන් උපාධිධාරීන් රැකියාවට බඳවා ගන්නවා කිව්වා - ඔවුන්ව අභ්‍යාසලාභී පත්වීම් ලබා දී පුහුණුවක් දී රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න
එසේම එම ප්‍රාථමික පාසල් වෙනුවෙන් නූතන ප්‍රමිතීන්ට ගැළපෙන නවීන වැසිකිළි හා සනීපාරක්ෂක පද්ධති හඳුන්වා දීමට නියමිත බවයි.
මීට අමතරව, දීර්ඝ කාලයක සිට දැඩි තරගකාරීත්වයක් සහ විවේචනයක් නිර්මාණය කර ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ද ඉදිරියේදී යම් වෙනස්කම් සහ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කරමින් සිටින බව අදාළ පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.