මාස ගාණකට පෙර අතුරුදන් වූ පහළොස් හැවිරිදි දැරියක් දරුවෙක් එක්ක ගල් ගුහාවකින් හමුවෙයි - කතාව අහලා පොලීසියත් කම්පනයට

Report

නකල්ස් කඳුකරයේ බටහිර බෑවුමට ආසන්නව පිහිටි උඩුදුම්බර පොලිස් වසමේ මීමුරේ කන්දකැටිය ප්‍රදේශයේ පදිංචි පහළොස් හැවිරිදි දැරියක් මීට මාස පහකට පමණ පෙර අතුරුදන්ව තිබූණු අතර ඒ සම්බන්ධයෙන් දැරියගේ පවුලේ සාමාජිකයින් උඩුදුම්බර පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබූණු බව වාර්තා විය.

ඒ අනුව උඩුදුම්බර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත දොඹගම්මන මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ පිළිබඳ මූලික විමර්ශන ආරම්භ කර ඇති අතර විමර්ශන අතරතුර ප්‍රදේශයේ වෙළඳ සැලකින් දිනපතා පුද්ගලයෙකුට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි සහල් ප්‍රමාණයක් රැගෙන යන තරුණයෙකු පිළිබඳව පොලීසියට සැක මතුව තිබෙනවා.

එම තරුණයා පිළිබඳව විමසිල්ලෙන් සිටි පොලිස් නිලධාරීන් ඔහු පසුපස ගොස් ජනාවාසවලින් ඈත්ව පිහිටි කැලෑව ප්‍රදේශයකට ගොස් ඇති අතර එහිදී ඉටි රෙදිවලින් ආවරණය කළ ගල් ගුහාවක් තුළ මාස දෙකක බිළිඳියක් සමඟ සිටි බාලවයස්කාර මවක් පොලීසියට නිරීක්ෂණය වී ඇති බව සඳහන්.

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

ඒ අනුව පොලීසිය විසින් ඇය මාස පහකට පෙර අතුරුදන් වූ බවට පැමිණිලි ලැබී තිබූ 15 හැවිරිදි දැරිය බව තහවුරු කර ගෙන තිබෙනවා. පසුව එම බිළිඳියගේ පියා බව කියන 23 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙන අතර බාලවයස්කාර මව සහ මාස දෙකක් වයසැති බිළිඳියද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් පොලිස් භාරයට ගත් දැරියගෙන් සහ 23 හැවිරිදි තරුණයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ ගල් ගුහාව තුළදීම දරුවා ප්‍රසූත කර තිබෙන බවයි.

එසේම දරු ප්‍රසූතියෙන් පසු බිළිඳියගේ පෙකණි වැල කිතුල් කර්මාන්තයට යොදා ගන්නා තියුණු ආයුධයකින් කපා ඇති බව ද විමර්ශනවලදී හෙළි වී ඇත.

රටම හොයපු කහ ගෑස් එකේ ඊයේ මහ රෑ මිල වැඩි කරපු ඇත්තම හේතුව - ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන්ට තිත්ත ඇත්තක්

රටම හොයපු කහ ගෑස් එකේ ඊයේ මහ රෑ මිල වැඩි කරපු ඇත්තම හේතුව - ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන්ට තිත්ත ඇත්තක්

එසේම කැලෑවෙන් සොයා ගත් බව කියන අත් බෙහෙත් වර්ග භාවිත කරමින් මවට සහ බිළිඳියට ප්‍රතිකාර ලබාදී ඇති අතර කිතුල් කර්මාන්තයේ දී පැණි සැදීමට භාවිතා කරන තාච්චියක බිළිඳිය නහවා ඇති බව ද 23 හැවිරිදි පියා පොලීසිය හමුවේ ප්‍රකාශ කර ඇත.

එමෙන්ම මෙම සිද්ධියට ඔහුට සහය ලබා දුන් බව කියන තරුණයාගේ 36 හැවිරිදි ඥාතීයෙකු ද උඩුදුම්බර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මේ අතර පොලිස් භාරයට ගත් මාස දෙකක බිළිඳිය සහ බාලවයස්කාර මව පිරිසිදු කර මහනුවර ජාතික රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන උඩුදුම්බර පොලිසිය විසින් ක්‍රියාත්මක කරයි.

හෙට සිට කෑම මිලත් ඉහළට - රයිස්, කොත්තු, බත් පාර්සල් සහ කෙටි ආහාරවල මිල වැඩි වන හැටි මෙන්න

හෙට සිට කෑම මිලත් ඉහළට - රයිස්, කොත්තු, බත් පාර්සල් සහ කෙටි ආහාරවල මිල වැඩි වන හැටි මෙන්න