ශ්‍රී ලාංකික සිසුන් මේ වීසා ගාස්තුවෙන් නිදහස් - පවුලේ අයටත් ලේසියෙන් වීසා දෙන්න සැරසෙයි
උසස් අධ්‍යාපනය හැදෑරීම වෙනුවෙන් ප්‍රථම වරට බෙලරුස් වෙත පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන්ගෙන් අයකරනු ලබන පැමිණීමේ වීසා ගාස්තුව නිදහස් කිරීමට බෙලරුස් රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා ඇත්තේ ඉකුත් මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සිදු කළ එරට නිල සංචාරයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙය සිදුවූ බවයි.
රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ
එසේම මීට අමතරව බෙලරුස් හී අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ පවුලේ සාමාජිකයින් එරටට පැමිණීමට වීසා ලබා ගැනීමේ ක්‍රියාවලිය සරල කිරීමටද අවශ්‍ය පියවර ආරම්භ කර ඇති බව අමාත්‍යාංශය පවසා ඇති බව සඳහන්.
අඳාළ පියවර මඟින් එරට උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකික සිසුන්ට මෙන්ම බෙලරුස් හී අධ්‍යාපනය ලබන සිසුන්ගේ පවුල්වලට ද සහන සැලසෙනු ඇති බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළ බව වාර්තා වේ.