මේ අවුරුද්දෙවත් රට යන්න හීන දැකපු අයට සුබ ආරංචියක් - 250,000ක් රට යවන්න සැරසෙයි
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, මේ වසරේ විදේශ රැකියා වෙනුවෙන් යොමුකිරීමට ඉලක්කගත සංඛ්‍යාව 250,000ක් වන බවත්, වසරේ මුල් මාස හය තුළ ලියාපදිංචිය ලබාගෙන ඇති ප්‍රමාණය 125,018ක් බවත් පවසන බව වාර්තා වේ.
එමෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අලෙවිකරණ අංශය පළාත් 09හි ජාතික මට්ටමේ රැකියා ප්‍රවර්ධන වැඩසටහනක් ද සැලසුම් කර ඇති බව පවසයි.
රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ
ඒ අනුව දැනට දකුණ, බස්නාහිර, සබරගමුව, ඌව, උතුරු මැද හා වයඹ යන පළාත් කේන්ද්‍ර කරගෙන වැඩසටහන් 06ක් පවත්වා ඇති අතර, මේ වසර අවසන් වන විට උතුර, මධ්‍යම හා නැගෙනහිර පළාත්වල විදේශ රැකියා ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇත.
එමෙන්ම අලෙවිකරණ අංශය මුළු දිවයිනම ආවරණය වන ලෙස වෘත්තීය පුහුණු වැඩසටහන් 87ක් පවත්වා ඇති අතර, ඉදිරියේදී තවත් වැඩසටහන් 123ක් පැවැත්වීමට සැලසුම් කර ඇත.