දියමන්ති 3,150කින් හැඩවුණු මිස් යුනිවර්ස් නව කිරුළ ලොවම මවිත කරමින් එළිදකියි - වසර 75ක අභිමානවත් ඉතිහාසයත් එහි සනිටුහන් වෙයි

Report

 මිස් යුනිවර්ස් තරගාවලියේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් දියමන්ති 3,150කින් අලංකාර කළ නව කිරුළක් හඳුන්වා දීමට එහි සංවිධායකයන් පියවර ගෙන තිබේ.

'The Radiance of an Eternal Legacy' ලෙස නම් කර ඇති මෙම කිරුළ පසුගිය නොවැම්බර් 12 වැනිදා පුවර්ටෝ රිකෝහිදී නිල වශයෙන් එළිදක්වා ඇති අතර, මෙවර මිස් යුනිවර්ස් කිරුළ දිනාගන්නා තරගකාරියට එය පිරිනැමීමට නියමිතය.

කැරට් 18ක සුදු රත්‍රන් භාවිතයෙන් නිර්මාණය කර ඇති මෙම කිරුළට දීප්තිමත් ලෙස කැපූ දියමන්ති 3,150ක් ඇතුළත් කර තිබේ.

සුප්‍රකට ස්වර්ණාභරණ නිර්මාණ ශිල්පී ජෝර්ජ් විටේල්ස් සහ පැරිස් නුවර Maison d’OR ස්වර්ණාභරණ ආයතනය එක්ව එය නිර්මාණය කර ඇත. මිස් යුනිවර්ස් තරගාවලියේ වසර 75ක ගමන්මඟ සහ එහි ඉතිහාසය හැඩගැස්වූ කාන්තාවන්ට උපහාරයක් ලෙස මෙම කිරුළ නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

එහි ඇති ප්‍රධාන දියමන්ති තුනෙන් තරගාවලියේ අතීතය, වර්තමානය සහ අනාගතය සංකේතවත් කෙරේ.

දියමන්ති 3,150කින් හැඩවුණු මිස් යුනිවර්ස් නව කිරුළ ලොවම මවිත කරමින් එළිදකියි - වසර 75ක අභිමානවත් ඉතිහාසයත් එහි සනිටුහන් වෙයි | Miss Universe Unveils 3 150 Diamond Crown

අතීතයේදී බාධක ජයගනිමින් අනෙකුත් කාන්තාවන්ට මඟ පෙන්වූ කාන්තාවන් එක් දියමන්තියකින් නිරූපණය වන අතර, වර්තමානයේ සමාජයට වැදගත් මෙහෙවරක් ඉටුකරමින් අන් අයට ආදර්ශයක් වන කාන්තාවන් තවත් දියමන්තියකින් නිරූපණය වේ.

කිරුළේ මධ්‍යයේ ඇති ප්‍රධාන දියමන්තිය අනාගත පරපුර සංකේතවත් කරයි. මිස් යුනිවර්ස් තරගාවලියේ වසර 75ක ඉතිහාසය තුළ මේ දක්වා විවිධ කිරුළු 12ක් හඳුන්වා දී ඇති බව ද වාර්තා වේ.

මෙවර 75 වැනි මිස් යුනිවර්ස් තරගාවලියට රටවල් 121ක තරගකාරියන් එක්ව සිටින අතර, එහි අවසන් මහා තරගය නොවැම්බර් 24 වැනිදා පුවර්ටෝ රිකෝහි සැන් ජුවාන් නුවරදී පැවැත්වීමට නියමිතය.

දෙවරක් පැන ගිය කොටි දෙනට අත්වූ ඛේදනීය ඉරණම - කුසේ සිටි පැටවුන් තිදෙනෙකුත් අහිමි වූ බෙංගාලයේ සංවේදී කතාව

දෙවරක් පැන ගිය කොටි දෙනට අත්වූ ඛේදනීය ඉරණම - කුසේ සිටි පැටවුන් තිදෙනෙකුත් අහිමි වූ බෙංගාලයේ සංවේදී කතාව

හෝමූස් සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනය 65%කින් පහළට

හෝමූස් සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනය 65%කින් පහළට