ඇයි රජයේ අනෙකුත් සේවකයන්ට අවශ්‍ය දීමනාව දෙන්නේ නැත්තේ? EPF, ETF එකටත් අත තියලා.. තව දවස් 25ක් තියෙනවා - නාමල්
අද(14) දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා 2027 අයවැය විවාදයේ අදහස් දක්වමින් මෙවර අයවැය සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල කර සිටියා.
ඒ අනුව රටේ අර්බුදකාරී තත්ත්ව රැසක් පෙන්වා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ මේ සියල්ල වෙනස් කර ජනතාවට සහන දීමට ජනාධිපතිවරයා තවමත් ප්‍රමාද නොමැති බවයි.
කෝ ඩොලර් බිලියන හතර.. පහුගිය අවුරුද්දේ ඔබතුමාලගේ අමාත්‍යාංශයට වෙන් වුනු මුදල් වියදම් කරපු විදිහ කියන්න.. මුළු රටටම ඕන ඇත්ත නාමල් සභාවට ගෙනෙයි
"අපි බැලුවා ජනාධිපතිතුමා මහන්සි වෙලා මිරිස්වල ටැක්ස් එක අඩුකරේ ඇයි කියලා. වරායෙ කන්ටේනර් 60ක් තියෙනවා මිරිස් හිරවෙලා. මේ මාසේ පටන් ගන්නකොට. ආ වරාය කන්ටේනර් 60ක් මිරිස් හිරවෙලා තියෙනවා. බලනකොට ජනාධිපතිතුමා අයවැය කතාවෙනුත් මිරිස් අඩු කරලා, ඒ කියන්නේ 323 ට මේ හැටත් එකතු කරගන්න. මම දැක්කා උම්බලකඩවල අඩු කරලා තියෙනවා. හොඳයි. හැබැයි ඉතින් උම්බලකඩ කන්ටේනර් කීයක් වරාය තියෙනවද කියලා බලන්න ඕනේ ගරු සභාපතිතුමිය. අමතක කරන්න එපා දකුණු පළාතේ විතරක් උම්බලකඩ කරලා ස්වයං රැකියාවක් විදිහට කරන කාන්තාවෝ 1000කට වඩා ජීවත් වෙනවා. දැන් ලබන මාසේ මාදැල් කර්මාන්තය පටන් ගන්නවා. මාදැල් කර්මාන්තය පටන් ගන්නකොට මාදැල් කර්මාන්තයේ හිමියන්ට ලබන ආදායම මාදැල්වල කරන අයට ආදායම අඩු කරන්න බදු අයින් කරනවා. ගොයම් කැපෙන කාලේ බලලා හාල් පිටරටින් ගේනවා. මරු ආර්ථික ප්‍රතිපත්තිය. සම්පූර්ණයෙන්ම දේශීය ව්‍යාපාරිකයෝ වැටෙන්න එතකොට කවුද හොරා කියලා අහගන්න පුළුවන්. අපි ඒක වෙලාවට කියන්නම්. දැන් තව කතාවක් කියනවා මොකක්ද? අපි ණය ගන්නේ නැහැ. ගරු සභාපතිතුමිය, එහෙම කියනවනේ. දේශීය මුදල් වලින් වැඩ කරනවා. හයිවේ හදනවා දේශීය මුදල්වලින්. කවුද කියන්නේ ආණ්ඩුව, ජනාධිපතිතුමාගේ අයවැයේ, මේ මම කියන කතාවක් නෙවෙයි. ජනාධිපතිතුමාගේ අයවැයේ තියෙනවා ප්‍රාග්ධන වියදම්වලට බිලියන 1750ක්. බිලියන. මේ බිලියන 1750න් බිලියන 1493ක් ණය විදිහට ගන්නේ. හැම රුපියල් 100කටම රුපියල් 85ක්, ණය ගන්නවා. මේ රටේ පාරක් හදන්න, හයිවේ එකක් හදන්න, ඔය බස් එකක් ගේන්න, බෝක්කුවක් හදන්න, පාසලක් හදනවා, ගොඩනැගිල්ලක් හදනවා ඔබතුමන්ලා ණය ගන්නේ නැහැ අපි මේ ඉතුරු කරපු සල්ලිවලින් හදනවා කියලා කයිවාරු ගහන හැම රුපියල් 100කටම ගරු සභාපතිතුමිය, රුපියල් 85ක් ණයට ගන්නවා. තව රුපියල් තුනක් ආධාර වශයෙන් ලැබෙනවා. ඉතුරු ටික තමයි ඔය රාජ්‍ය ආදායමෙන් ඔබතුමාලා ඔය වාහන නතර කරලා ඉතුරු කරලා ටැක්ස් ගහලා ඔක්කොම කරලා ගන්න විදිහට ටික දානවා කියලා කියන්නේ. මේක තමයි යථාර්ථය. හැබැයි ඔබතුමන්ලා මොකක්ද කියන්නේ? හැම තැනම නැහැ, අපි වංචාව දූෂණය නාස්තිය නවත්තපු හින්දා අපි දැන් දේශීය අරමුදලින් වැඩ කරන්න පුළුවන් නෑ බොරු. සම්පූර්ණයෙන්ම බොරුවක් ගරු සභාපතිතුමිය.
රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ
රජයේ සේවකයාගේ වැටුප් වැඩි කරනවා. දැන් මේකට කියන්නේ ගරු සභාපතිතුමිය ජූලි අයවැය කියලා. ඇයි ඉතින් හැම එකම වැඩි වෙන්නේ ජූලි මාසේ ඉඳන්. මේක ජූලි අයවැයක්. අපරාදෙ මේ ජනවාරි මාසේ මේක එක්කෝ සම්මත කරගන්න තිබුණෙ. ඒකත් භාගයයි වැඩි කරන්නේ. ඒකත් මොකක්ද? ඔබතුමන්ලා තෝරාගත්තු පිරිසකට පමණක් දීමනාවක් දීලා තියෙනවා. ඒක හොඳයි, ඒක දෙන්න. හැබැයි ඇයි රජයේ අනෙකුත් සේවකයන්ට අවශ්‍ය දීමනාව ටික දෙන්නේ නැත්තේ? අඩු ගානෙන් ගරු සභාපතිතුමිය පාර්ලිමේන්තුවේ සේවකයන්ගේ. ආ මේක ඔබතුමාලා එනවා, රිසර්ච් එකට යනවා, රිසර්ච් කරගන්නවා, ලේකම්තුමිය හම්බෙනවා, නිලධාරීන්ගේ වැඩ ගන්නවා, මෙතන වතුර එකක් හරි ගෙනත් දෙන ඉන්න මිනිස්සු ටික, කෑම ටික දෙනවා. නිවාඩු දවසට වැඩ කරාම දෙන දීමනාවත් ඔබතුමන්ලා කප්පාදු කරලා. ඔව් ඔව් බන්ධනාගාරය ගැන මම කියනවා වෙලාව ආවම. ඒ ගැන මම කියන්නම් වෙලාව ආවම ඒකම බන්ධනාගාරය ඇතුලේ හුඟක් අය බලන් ඉන්නේ තමුන් එනකම්. අපි ආවම හම්බෙමු. ගරු සභාපතිතුමිය, ඒකත් තනිකර රැවට්ටුවානේ. අර බන්ධනාගාර නිලධාරීන්ට රුපියල් අර අර මීගමුවේ සිද්ධියට කෝටියක් දෙනවා කියපු අයට ලක්ෂ 50ක් දීලා රැවට්ටුවානේ. මොකක්ද කරේ? 40,000ක් අවදානම් දීමනාව කියලා රුපියල් 8000යි දුන්නේ ගරු සභාපතිතුමිය. වෙලාවක් එනවා. වෙලාවක් එනවා අපි ඒක කතා කරමු. අර දිට්වා වල ටකරමක් ගියාම ලක්ෂ දහයක් දෙනවා කිව්වනේ, අන්න ඔයාලගේ නියෝජ්‍ය අමාත්‍යතුමන්ලා ඇමතිතුමා මාධ්‍යට ගිහිල්ලා කියනවා ඒක මේ උදාහරණයක් විදිහටලු කිව්වේ. ඒ කියන්නේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කිව්වේ බොරු. කවුද කියන්නේ ඔයාලගේ නියෝජ්‍ය ඇමති. ආයේ වෙන කවුරුත් නෙවෙයි ගරු සභාපතිතුමිය. මේ ජූලි අයවැය. දැන් මේ අයවැය ඇත්තටම ලබන අවුරුද්දට ඊට පස්සේ අවුරුද්දටද? ඒ ප්‍රශ්නෙත් උත්තරයක් ඕනේ. අනිත් පැත්තෙන් දැන් ජනාධිපතිතුමා මේ ආණ්ඩුව කියනවා මහා දැවැන්ත දේශගුණ විපර්යාසයක් එනවා, ගං වතුර එනවා, නියඟ එනවා. මේවට අපි ලෑස්ති වෙන්න ඕනේ. ආහාර හිඟයක් එනවලු. දැන් ආහාර හිඟයක් එනවා නම් ගරු සභාපතිතුමිය, මට කියන්න මේ අයවැය ඇතුලේ ආහාර සුරක්ෂිතභාවය ඇති කරගන්න ආණ්ඩුවේ සැලැස්ම මොකක්ද ලබන අවුරුද්දට. ලබන අවුරුද්දේ ආහාර සුරක්ෂිතභාවය ඇති කරන ආණ්ඩුවේ සැලැස්ම මොකක්ද? ගොවියාගේ වී වලට සහතික මිල දෙනවද? පොහොර ටික දෙනවද? එහෙම නැත්නම් මේ ගංවතුර නිසා අලාභයට හානි වන වගාවන්ට ආණ්ඩුව සහනයක් දෙනවද? දිට්වා වෙලාවේ දුන්නේත් නැහැ. අඩු ගානේ දැන් දෙනවද? අනිත් පැත්තෙන් වතුකරේ ජනතාව, මලයගම් ජනතාව රුපියල් 200ක් දෙනවා කිව්ව මූලික වැටුපට, අන්තිමට මොකක්ද වුණේ? අන්තිමට ගරු මන්ත්‍රීතුමා වැඩියෙන් වැඩ කරන්න වුණා පඩිය කෙසේ වෙතත්. අන්තිමට ඒ ජනතාව වැඩියෙන් වැඩ කරනවා. හැබැයි පඩිය වැඩි කරාට, පඩිය දෙනවා කිව්වට වැඩ වැඩියෙන් ගන්න දීමනාව හම්බෙන්නේ නැහැ. නිවාස ප්‍රශ්නේ විසඳනවා කිව්වා. ඉඩම් ප්‍රශ්නේ විසඳනවා කිව්වා. දැන් මොකක්ද කියන්නේ? දැන් EPF, ETF එක කප්පාදු කරන්නේ නැහැ කිව්වා. දැන් මොකක්ද කරන්නේ? අනිත් පැත්තෙන් ගරු සභාපතිතුමිය, මේ අයවැය ඇතුලේ වැඩිපුරම තියෙන්නේ ෆීසිබිලිට් ස්ටඩීස්. නැත්නම් අධ්‍යයනය කරන්න තියෙන්නේ, මම දැක්කා යාපනයේ ඉරිගේෂන් ප්‍රොජෙක්ට් එක 2018 රනිල් වික්‍රමසිංහ මහත්මා මිලියන 75ක් දැම්මා. දැන් ආණ්ඩුව අනුර මහත්මයාත් 75ක් දාලා ඒක අධ්‍යයනය කරන්න. අවසානයේ සංවර්ධනය කියන වැඩපිළිවලක් නැහැ. ඒ හින්දා තව දවස් 25ක් තියෙනවා. තව දවස් 25ක් තියෙනවා ජනාධිපතිතුමාට පුළුවන් මේ ගොවි ජනතාවට අවශ්‍ය සහන දෙන්න කටයුතු කරන්න. ධීවර ජනතාවට අවශ්‍ය සහන දෙන්න කටයුතු කරන්න. ආයෝජකයෝ ලංකාවට ගේන්න පුළුවන් බදු ප්‍රතිපත්තියක් දෙන්න. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ආරක්ෂා කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඒ වගේම විදුලිබිල තෙල් මිල අඩු කරන්න ආණ්ඩුවට වැඩිපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න තව දවස් 25ක් තියෙනවා. ඉතින් ජනාධිපතිතුමාට දැන්වත් පුළුවන් මේ කටයුත්ත කරන්න, අනිත් එක ගරු සභාපතිතුමිය අනිත් මේ පාරිභෝගික අධිකාරියේ භාර ඇමතිවරයාට කියන්නකෝ දැන් ගිය මාසේ පාන්පිටි වැඩි කරා එයා දන්නේ නැල්ලු. ගිය සතියේ. දැන් ගෑස් මිල වැඩි කරලා එයා දන්නේ නැල්ලු. ඉතින් එයා දන්නේ නැත්නම් කවුද මේක දන්නේ? ඒ හින්දා මේ එක එක තමන්ට හිතවත් ව්‍යාපාරිකයෝ ආරක්ෂා කරන්න අවශ්‍ය ආර්ථික ප්‍රතිපත්තියක් වෙනුවට මේ රටේ පොඩි මනුස්සයා, ගමේ මහපොළොවේ පය ගහලා ඉන්න මිනිස්සුන්ගේ මේ රටේ තරුණ පරම්පරාවට අවශ්‍ය රැකියා නිෂ්පාදනය කරන්න අවශ්‍ය ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න කියලා ඉල්ලනවා."