සුනඛයින් සම්බන්ධ නීතියේ වෙනසක්? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දැනුම්දීමක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළයුතු බවයි.
කොළඹ ඊයේ (02) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ලසිත කන්නන්ගර මහතා ඊට අදාළ පැහැදිලි කිරීම සිදු කර ඇත.
රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මගින් ජල භීතිකා රෝගය තුරන් කිරීම හා සුනඛයින් ලියාපදිංචි කිරීම සදහා නව පනත් කෙටුම්පතක් හදුන්වාදීමට පියවර ගෙන තිබේ.
මෙම පනතේ අරමුණ සුනඛයින් එන්නත් කිරීම, සුනඛ ගහණය පාලනය කිරීම සහ සුනඛයින් වාණිජ අරමුණු සදහා අභිජනනය කිරීම නියාමනය කිරීමයි.
එමෙන්ම මෙම පනත් කෙටුම්පත මගින් පරිපාලන සීමාව තුළ සිටින සෑම සුනඛයෙකුම වාර්ෂිකව ජල භීතිකා රෝගයට එන්නත් කිරීම සහ ලියාපදිංචිය අනිවාර්යය කර තිබේ.
පනත් කෙටුම්පතේ සිව්වැනි වගන්තියෙන් දැක්වෙන පරිදී සුනඛයින්ට ජලභීතිකා එන්නත ලබාදිය හැක්කේ පශු වෛද්‍යවරයෙක් හෝ ඔහුගේ අධීක්ෂණය යටතේ පමණය. කෙසේවෙතත් මේ ප්රතිපාදනය හේතුවෙන් මෙරට ජලභීතිකා මරණ සංඛ්‍යාව අඩු කිරීමේ රජයේ වැඩපිළිවෙළට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.