අද තෙල් මිලෙන් ජාත්‍යන්තරය කැළඹෙයි - ආයෙත් බොරතෙල් මිල අහස උසට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 102.60ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 1.41ක වැඩිවීමක් වශයෙන් සටහන් වී ඇත.
එසේම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 107.00ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 1.21ක වර්ධනයක් ලෙස සඳහන්.
ඊට අමතරව මර්බන් බොරතෙල් බැරලයක මිලද ඩොලර් 104.70ක් දක්වා ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.
තෙල් ප්‍රශ්න මදිවට පිරවුම්හල්වලත් ප්‍රශ්නයක් - දේශීය බෙදාහරින්නන්ගේ පිරවුම්හල් විදේශීය සමාගම්වලට දීමට යන බවට සැකයක්