ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය - කැන්ගරුවන් ඊයේ තැබූ සියල්ලන් පුදුම කරවන එක පිට එක සුවිශේෂී වාර්තාව මෙන්න.. (PHOTOS)

Cricket Australia India Australia Cricket Team ICC World Cup 2023
By krishani Oct 25, 2023 05:48 PM GMT
krishani

krishani

Report

ඊයේ (25) 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය පැවැත්විණ.

ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට ඊයේ ග්ලේන් මැක්ස්වෙල් සමත් විය.

ඔහු සිය ශතකය රැස් කළේ පන්දු 40ක දී ය.

ඒ අනුව ඔහු හයේ පහර 8ක් සහ හතරේ පහර 9ක් සමගින් ලකුණු 106ක් රැස් කළේ ය.

එමෙන්ම ඊයේ තරගය ලකුණු 309කින් ජය ගැනීමට ද ඔස්ට්‍රේලියාව සමත් විය.

එහි කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වූ අතර එහිදී ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 309ක් රැස් කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඩේවිඩ් වෝනර් ලකුණු 104 රැස්කළ අතර එය ඔහුගේ 22 වන එක්දින ජාත්‍යන්තර ශතකය වෙයි.

පන්දු 93කට මුහුණ දුන් වෝනර් එහිදී 4 පහර 11ක් සහ 6 පහර 3ක් එල්ල කළ අතර ස්ටීව් ස්මිත් පන්දු 68කදී ලකුණු 71ක් ලබා ගත්තේ ය.

මානස් ලබුශේන් ලකුණු 62 ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී බැස් ඩී ලීඩ් ගේ පන්දු ඕවර 10ට ලකුණු 115ක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානුවන් සමත් විය.

එය ද ලෝක කුසලාන තරගාවලියේ වාර්තාවක් වන අතර ලකුණු 400ක ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්තය පන්දුවාර 21ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 90ක් පමණක් ය.


GalleryGalleryGalleryGalleryGallery
ReeCha