ලංකා සිනමාවේ නව හැරවුමක්

By Hashan May 18, 2025 05:00 AM GMT
Report

කරුණාසේන ජයලත් සූරීන් රචනා කළ 'ගැහැණු ළමයි' නවකතාව ඇසුරින් නිර්මාණය වූ "ගැහැනු ළමයි" සිනමාපටය ලෝකෙ දැවැන්ත සිනමා උළෙලක දී අමිල අවස්ථාවක් හිමි වී තිබෙනවා.

මෙම සිනමාපටය සුමිත්‍රා පීරිස් මහත්මිය විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර එය 1978 වසරේදී තිරගත වුවා.   

ලංකා සිනමාවේ නව හැරවුමක් | Girls Who Went To Cannes Cinema

ශ්‍රී ලංකේය කලා ලොකයේ අමරණීය මොහොතක් ලෙස මෙම අවස්ථාව හදුන්වන්නට පුළුවන.   

සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කළ "ගැහැනු ළමයි" සිනමාපටයේ, ප්‍රතිස්ථාපනය කළ 4K නව පිටපත ප්‍රංශයේ ලෝක ප්‍රකට Cannes සිනමා උළෙලේදී අද තිරගත වුනා.අපේ රටේ සිනමා වංශකතාවේ ස්වර්ණමය මොහොතක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්.

බ්‍රිතාන්‍යයට එන පාර වැසේ

බ්‍රිතාන්‍යයට එන පාර වැසේ

වසන්ති චතුරාණි, අජිත් ජිනදාස සහ ශ්‍යාමා ආනන්ද මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වූ අතර ඔවුන් සමඟ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව ප්‍රංශයේ කාන් උළෙලට සහභාගී වුණා.

1978 වසරේදී සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කළ, ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන් නිෂ්පාදනය කළ ගැහැණු ළමයි  සිනමාපටය අදටත් ලාංකීය සිනමාවේ නොමැකෙන සලකුණක් ලෙසින් හැඳින්වෙනවා! 


Gallery