ජනප්‍රිය රංගන ශිල්පී ගිරිරාජ් කෞශල්‍යගේ සුරූපි දියණිය තම පියා ගැන කියූ අපූරු කතාව..(PHOTOS)

actress actor Giriraj kaushalya amndya uthpali
By Sewvandhi Feb 13, 2022 04:40 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඇයට කලාව කියන්න දේ ආධුනික දෙයක් නම් නෙවෙයි. මොකද ඇගේ පියා ලංකාව තුළ නමක් දිනු ආදරණීය ආදරනිය දක්ෂ රංගන ශිල්පියෙක්. අසනීප තත්ත්වය නිසා ම රංගනයෙන් ඈත් වූ ගිරිරාජ් තමන්ගේ දියණියව රංගනයට යොමු කර තිබෙනවා.

ඇය නමින් අමන්ද්‍යා උත්පලි.. ඇයට නාට්‍යයට ආරාධනා ලැබීම ගැන මෙසේ පැවසුවා. ”ශිවා මාමා මාමා සද්ධා මට මේ නාට්‍යයට ආරාධනා කලහම මට පුදුම හිතුනා. මම ඒ ආරාධනාව ඉහළින්ම පිළිගත්තා. මගේ කලා ජීවිතයට මේ ලැබුණු අවස්ථාව ලොකු පන්නරයක් වෙනවා. මම පාසල් යන කාලේ තාත්තා අකමැති මම රඟපානවට. හැබැයි මම කලාවට එන්න ආසාවෙන් හිටියා. කොහොම වුණත් මගේ ආසාව මම හිත යට තියාගෙන හිටියේ. ඒ අවස්ථාව මට ලැබුණා."

තවද ඇය ටෙලිනාට්‍යයට එන්නේ පියාගේ අඩුව පුරවන්න නොවන බවයි පැවසුවේ. "මොකද තාත්තා එක්ක බලද්දි මම කලාව ඇතුලේ පුංචිම පුංචි වැලි කැටයක් වගේ. ගිරිරාජ් කියන රංගන ශිල්පියාගේ අඩුව පුරවන්න තවම කෙනෙක් ඉපදිලා නැහැ. ටෙලි නාට්‍යයේ මුලින්ම මට ආරාධනා කරද්දි මම මුලින්ම ඒ ගැන කිව්වේ තාත්තට.

එයාට ගොඩක් සතුටුයි. කොටස් එක දෙකක් රඟපානකොට ලැබුණු ප්‍රතිචාර නම් ගොඩයි. ගිරිරාජ්ගේ දුව රංගනයට ඇවිල්ලා කියලා ගොඩක් අය කිව්වා ". "මම පෞද්ගලික ආයතනයක වැඩ කරනවා. දැන් රැකියාවෙන් අයින් වෙලා පූර්ණකාලීනව රංගනයට යොමු වෙලා තමයි ඉන්නේ. මම දැනට සංගීත ගුරුවරියක් විදිහට මගෙම කලා කලා ආයතනයක් පවත්වාගෙන යනවා. රංගනය පැත්තෙන් තාත්තාගේ උපදෙස් එක්ක ලොකු ගමනක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා."

"ඇත්තම කිව්වොත් තාත්තා මේ අසනීප තත්වයට මුහුණ දුන්නේ අනපේක්ෂිත විදිහට. අපි මේ රෝගය ගැන ළඟදි තමයි දැනගත්තේ. මහරගම අපේක්ෂා අපේක්ශා රෝහලෙන් තමයි තාත්තට ප්‍රතිකාර කරන්නේ. වෛද්‍ය උපදෙස් අනුව තමයි ඉදිරියට තාත්ත රංගනයට යොමු වෙනවා ද නැද්ද කියලා තීරණය වෙන්නේ. "

"කොහොම වුණත් තාත්තා මේ දිනවල ප්‍රතිකාර වලට යොමු වෙලා නිසා විවේකීව තමයි කාලය ගත කරන්නේ. තාත්තට දැන් තරමක සුවයක් තියෙනවා. එයා හොඳටම හොඳ උනහම නැවතත් රංගනයට ඒයි. හැබැයි ඒකට කොච්චර කාලයක් යයිද කියලා කියන්න බැහැ. සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කටකතා පැතිරු වත් අපේ පවුලේ කිසිම කෙනෙක් ඒවට ප්‍රතිචාර දෙන්න ගියේ නැහැ ."

මගේ රඟපෑම ගැන තාත්තා ගොඩක් සතුටින් ඉන්නේ. youtube එකෙන් පවා නාට්‍ය කීප වතාවක්ම බැලුවා. මම පුංචි තිරයට එන දෙවැනි අවස්ථාව තමයි මේක. මුලින්ම රූපවාහිනියේ අවුරුදු ටෙලි නාට්‍යයක පුංචි කොටසක් රඟ පෑවා. කොහොම වුණත් රටේ ජනප්‍රිය ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඉතින් තාත්තගේ උපදෙස් එක්කම මගේ වැරදි අඩුපාඩු හදාගෙන රංගනය හොඳට කරන්න බලාපොරොත්තු වෙනවා."


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha