කුල්ශානිගේ කුසේ දරුවෙක් ඉන්නවා කියලා දැනගත්ත මොහොතේ ඉදන්ම මම ඇය ලඟමයි-රොෂාන් රණවන
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි රොෂාන් රණවන කියලා කියන්නේ. ඉතින් ඔහු දැන් කාටත් ආදර්ශයක් සපයමින් ආදරණීය බිරිඳයි පුංචි පුතයි එක්ක ආදරණීය සුන්දර ජීවිතයක් ගෙවන බව කාටත් රහසක් නම් නෙවෙයි.
ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහු දැන් මේ ගෙවන සුන්දර ජීවිතය ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් රොෂාන්ගේ චූටි පුතාගේ නම මිනෙත් රණවනලු. ඒ වගේම දැන් පුතාට වයස අවුරුදු දෙකයි මාස නවයයි කියලයි ඔහු කියන්නේ. ඉතින් දැන් නම් පුතා ගොඩක් දඟයිලු. ඒ වගේම හරිම ක්‍රියාශීලීයි කියලයි ඔහු කියන්නේ.
පුතා හැම වෙලාවෙම මොකක් හරි වැඩක් කරනවාලු. උඩ නගිනවා, දුවනවා වගේ හරි අපූරු කාලයක් තමයිලු පුතා මේ ගත කරන්නේ. ඉතින් ඒ වගේම ඔහුගේ ආදරණීය සුන්දර බිරිඳ කුශ්ලානිගේ කුසේ දරු පැටියෙක් ඉන්නවා කියලා ඒ සුබ ආරංචිය ලැබුණු දා පටන් ඔහුට එයත් එක්ක වැඩි කාලයක් ගත කරන්න ඕන වුණා කියලයි ඔහු කියන්නේ. හැබැයි ඒ වෙද්දි ඔහු චිත්‍රපට කිහිපයකටම එකදිගට සම්බන්ධවෙලාලු හිටියේ. ඒ වගේම ඒ කාලෙදි ඔහු ඉත්තෝ නම් ටෙලිනාට්‍යයටත් සම්බන්ධවෙලා හිටියාලු. කොහොම නමුත් ඒකෙ රෑගත කිරීම් කෙරුණෙ මාසයකට දින කිහිපයක් විතරයිලු.
ඉතින් ඒ නිසා කුශ්ලානි එක්ක ඒ මුල් කාලයෙදි ඔහු ළඟින්ම හිටියා කියලයි රොෂාන් කියන්නේ. ඒ වගේම රෝහලට ගිහින් වෛද්‍යවරුන් මුණගැහෙන්න තිබුණු හැම දවසකම ඔහු කුශ්ලානිත් එක්ක ඒ දේවල්වලට ගියා කියලත් රොෂාන් කියනවා. ඉතින් ඒ නිසා පුතා ඉපදෙන්න කලින් වගේම ඉපදුණාට පස්සෙත් කුශ්ලානිගේ ළඟට වෙලා පුතා ළඟට වෙලා ඉන්න ඔහුට පුළුවන් වුණාලු. ඉතින් ඒ වගේම පුතා මුලින්ම කිව්වෙ අම්මා කියලලු. පුතාට මාස පහේදි විතර එයා අම්මා කියලා කිව්වාලු. ඉතින් ඒ වගේම ඔවුන් හැමවෙලාවෙම පුතා ගැන හොයලා බලනවාලු. හැබැයි දඟලද්දි තහංචි දාන්නෙ නැහැ කියලත් ඔහු කියනවා
. ඒ වගේම පුතා ඉපදෙන්නත් කලින්ම ඔහු පුතාට උඩ තට්ටුවේ සෙල්ලම් කරන්න කාමරයක් හදලලු තිබුණේ. ඉතින් ඒකෙදි නිදහසේ එයාට හිතේ හැටියට සෙල්ලම් කරන්න පුළුවන් කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඕනෑම දෙයක් කරන්න පුතාට එතන නිදහස තියෙනවා කියලත් ඔහු කියනවා. කොහොම නමුත් එතන විතරක් නෙවෙයි ගෙදර අනිත් කාමරවලටත් ඇවිත් පුතා පැන්සලකින්, හුණු කූරකින් බිත්ති පුරා ඇන්දත් ඔවුන් ඒකට එයාට දඬුවමක් කළේවත්, එපා කිව්වෙවත් නැහැ කියලයි ඔහු කියන්නේ. ඉතින් පුතාගේ නිර්මාණශීලී අදහස්වලට ඔවුන් කවදාවත් බාධා කළේ නැහැ කියලත් ඔහු කියනවා
. ඉතින් ගෙයක් ආයෙත් තීන්ත ගාලා ලස්සන කර ගන්න පුළුවන් වුනාට දරුවෙක්ගේ නිර්මාණශීලීත්වයට බාධා කළොත් ඒක ආයෙත් ගන්න බැහැ කියලයි ඔහු කියන්නේ. ඒ නිසා පුතාට ඕන තරම් ඒ දේවල්වලට නිදහස දීලලු තිබුණේ. හැබැයි දැන් නම් එයා එහෙම වැඩිය බිත්තිවල අඳින්නෙ නැහැලු. ඉතින් ඒ වගේම කුශ්ලානි එක්ක, චූටි පුතා එක්ක අද ගෙවන ජීවිතේ ගැන ගොඩක් සතුටුයි කියලත් ඔහු කියනවා.
ඒ වගේම පවුලක් වුණාට පස්සෙ බලාපොරොත්තු ගොඩක් තියෙනවා කියලයි ඔහු කියන්නේ. පුංචි පුතාව උස් මහත් කරලා, ගුණයහපත් පුරවැසියෙක් කරන්න වගේම එයාට හොඳට උගන්වන බලාපොරොත්තුවත් එක්ක ඔවුන්ට දැන් වැඩ වැඩියිලු. ඉතින් දැන් බලාපොරොත්තු එක්ක තමයිලු ජීවත් වෙන්නෙ. ඉතින් ඒ දේට ඔහු හරි ආසයිලු.
ඒ වගේම චූටි කාලේ ඉඳන්ම පුතා ඔහු ඉන්න වෙළෙඳ දැන්වීම හඳුනනවාලු. ඉතින් ඒ වෙළෙඳ දැන්වීම පොඩි කාලෙදිත් රෑපවාහිනියේ යද්දි ඒ සද්දය ඇහුණු ගමන් කොහේ හිටියත් පුතා රෑපවාහිනිය ඉස්සරහට ඇවිත් බලලා හිනා වෙනවාලු. ඉතින් පුංචි කාලේ ඉඳන්ම පුතා ඒකට දක්වන ප්‍රතිචාරය හරි අපූරුයි කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.