රෝහලකට මහජන ආධාර පතයි..!
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද(19) බදුල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී බදුල්ල මහ රෝහලේ ඉකුත් වසර තුළ සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණ 1883 න් 770 දෙනෙක් මරණයට පත්ව ඇත්තේ හෘදයාබාධ හේතුවෙන් බව ප්‍රකාශ කළා.
මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ, බදුල්ල මහ රෝහල සදහා රුපියල් මිලියන 250ක වියදමින් දානපතියන්ගේ ආධාරයෙන් ඇන්ජියෝග්‍රෑම් යන්ත්‍රයක් මිලදී ගැනීම සදහා ”ඔබේ හදවතට අපෙන් ජීවයක් නමින්” අරමුදලක් පිහිටුවීම පිළිබදව දැනුවත් කිරීම සදහාය.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය , බදුල්ල නීතිඥ සංගමය, බදුල්ල මහ රෝහලේ රෝගීන් සත්කාර සංගමය ඇතුළු සංවිධාන රැසක් මෙම අරමුදල හා සම්බන්ධ වී සිටින බවයි සඳහන් වන්නේ.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ, මිලියන එකයි දශම පහක ඌවේ ජනතාවට සෞඛ්‍ය පහසුකම් සපයන එකම රෝහලකවත් ඇන්ජියෝග්‍රෑම් යන්ත්‍රයක් නොමැති බවත් මෙම රෝගීන්ට එවැනි පරීක්ෂණයක් සදහා කොළඹ, මහනුවර, පොළොන්නරුව හෝ කරාපිටිය රෝහලට යාමට සිදුවීමෙන් ඔවුන් අපහසුතාවයටත් ජීවිත අවදානමටත් මුහුණ පා සිටින බවයි.
එමෙන්ම බදුල්ල මහජන බැංකුවේ විවෘත කර ඇති 010100102549429 ”ඔබේ හදවතට අපෙන් ජීවයක්” අරමුදලට මුල්‍ය ආධාර ලබාදිය හැකි බවටද එහිදී දැනුවත් කර තිබෙනවා.
