ඉස්කොලෙ ගිහින් ඉවරවෙලා තාම අවුරුදු දෙකක්වත් නෑ ,මම තාම පුංචි කෙල්ලෙක් - ගීත්මා බන්ඩාර (PHOTOS)

Gossip Geethma bandara dewani inima sangeethe Srilankan acctress
By Sithumi Sep 08, 2021 06:07 PM GMT
Sithumi

Sithumi

Report

දශක පහක් ඉක්මවමින් 52වැනි වියට පා තබන තරුණී සුවිශේෂී කවරය සැරසෙන්නේ ඇගේ රුවිනි. කෙළිලොල් බවත්, සුන්දර පෙනුමත් ඇයව බොහෝදුර රැගෙන ගොසින්ය.

2018 හිරු අවුරුදු කුමරිය තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකර ගනිමින් රංගන ක්ෂේත්‍රයේ දොරටු විවර කරගත් ඇය අද වන විට රටම හඳුනන යොවුන් පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ‘සංගීතේ’ ටෙලි නාට්‍යයේ අසෙනිගේ චරිතය නිරූපණය කරන ඇය ගීත්මා බණ්ඩාරයි. ගීත්මා කොහොමද මේ දිනවල වැඩ කටයුතු? සෑහෙන කාලයක් කෝවිඩ් නිසා නිවෙසට වෙලාම ඉන්න සිදු වුණා. දැන් නම් ආරක්ෂාකාරීව ‘සංගීතේ’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් දිගටම කෙරීගෙන යනවා. ඒ වගේම වෙළෙඳ දැන්වීම් කීපයකත් රූගත කිරීම් සිදුවුණා.

ඉතින් ඒවත් එක්ක කාලය ගෙවෙනවා විවේකීව ඉන්න ලැබුණ කාලේ ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම මට නම් සතුටක් තියෙන්නේ මේ වගේ කාලයක් ලැබුණ එක ගැන. අපි රොබෝලා වගේ වෙලා හිටියේ. හිතන්නත් කාලයක් තිබුණේ නැහැ.

ඉස්කොලෙ ගිහින් ඉවරවෙලා තාම අවුරුදු දෙකක්වත් නෑ ,මම තාම පුංචි කෙල්ලෙක් - ගීත්මා බන්ඩාර (PHOTOS) | Geethma Bandara Acctress

තමන් කවුද කියලා හිතන්න හැම කෙනකුටම අවස්ථාවක් ලැබුණා. ඔබ, ඔබව හොයාගත්තාද? 

නිවාර්යයෙන්ම ඔව්. අනවශ්‍ය දේවල් ගොඩක් ඇඟට දාගෙන අප විසින්ම අපේ ජීවිතේ සංකීර්ණ කරගෙනයි හිටියේ.නමුත් ජීවිතේ කියන්නේ කොයි තරම් සරල දෙයක්ද ?මරණයක්, මඟුලක් කොයි තරම් සරලව කරන්න පුළුවන්ද ?

තමන්ගේ වැඩ තමන්ට කොයි තරම් සරල විදිහට පාලනය කරගන්න පුළුවන්ද.?

අපි තමා මේ දේවල් මහා ලොකු දේවල් කරගෙන හිටියේ. ඒ හැම දේකටම හොඳ උත්තරයක් ලැබුණා කියලා හිතෙනවා. ගීත්මා කියන්නෙ කෙටි කාලයකින් ක්ෂේත්‍රයට පිවිසිලා බොහෝ ජනප්‍රිය වුණු චරිතයක්.

ඉස්කොලෙ ගිහින් ඉවරවෙලා තාම අවුරුදු දෙකක්වත් නෑ ,මම තාම පුංචි කෙල්ලෙක් - ගීත්මා බන්ඩාර (PHOTOS) | Geethma Bandara Acctress

ඒ ජනප්‍රියතාව ගැන මොකද හිතෙන්නෙ? 

 මංහිතනවා එය වාසනාවකට ලැබුණු දෙයක් කියලා. මොකද ක්ෂේත්‍රයට එන්න බලාගෙන ගොඩක් අය ඉන්නවා සහ ක්ෂේත්‍රයේ ගොඩක් අය රැඳිලා ඉන්නවා. හැමෝටම ජනප්‍රියතාව කියන දේ ලැබෙන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් ප්‍රේක්ෂකයන්ගෙ ආදරය ලබාගන්නවා කියන්නෙ ලොකු වාසනාවක්. .

තාමත් සංගීතේ නිසා ලැබුණ ජනප්‍රියත්වය එලෙසම ඇති කියලා විශ්වාස කරනවාද? 

 අනිවාර්යයෙන්ම ඔව්. පසුගිය දවස්වල ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවේ පාරට බැස්සාමත් හුඟක් අය ළඟට ඇවිත් අහන්නේ සංගීතේ පටන් ගන්නේ කවද්ද කියලා.

තාමත් අසෙනිට ඒ වගේම ආදරෙයි. ඔබ සංගීතේ ටෙලිනාට්‍යයට කොටුවෙලා වගේ නේද?

අලුත් නිර්මාණවලට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

කිසිම කොටුවීමක් නැහැ. දීර්ඝ ටෙලිනාට්‍යයක් නිසා කාර්යබහුලයි. නමුත් මම සතුටින් වැඩ කරගෙන යනවා. ඒ වගේම වෙනත් නිර්මාණයන්ට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. බොහෝ විට මම දීර්ඝ ටෙලිනාට්‍යවලට ඉදිරියට සම්බන්ධ වෙන එකක් නැහැ.

දීර්ඝ නොවන හොඳ කෙටි නිර්මාණ සඳහා සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම අපි සංගීතේ කණ්ඩායම ඇතුළෙ හරි නිදහසේ සතුටින් කාලය ගත කරන නිසා එහෙම කොටුවුණු හැඟීමක් නැහැ. මං අලුත් නිර්මාණ දෙකකත් මේ දිනවල රූ ගත කිරීම් වලට සම්බන්ධ වෙනවා. සංගීතේ ඔබේ ප්‍රථම රංගනයද? මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ හිරු අවුරුදු කුමරිය තරගයේ දෙවැනි ස්ථානය ලබාගනිමින්.

‘අහස් මාලිගා’ ටෙලි නාට්‍යයේ සුළු චරිතයක් රඟපෑවා. ‘නීල පබළු’ නාට්‍යයේ දුෂ්ටයාගේ චරිතයක් රඟපෑවා. ඊට පස්සේ තමා ‘සංගීතේ’ ටෙලි නාට්‍යය සමග එකතු වෙන්නේ. ඒ වගේම වෙළෙඳ දැන්වීම් 40 කට වැඩි ප්‍රමාණයකට මං සම්බන්ධ වෙලා තියෙනවා.

ඔබට ක්ෂේත්‍රයේ නිසි ඇගයීමක් ලැබිලා තියෙනවද?

මෙහෙමයි… මම මහ ලොකු නිළියක් නෙවේ. තාම පුංචි කෙල්ලෙක්. ඉස්කෝලේ ගිහින් ඉවරවෙලා තාම අවුරුදු දෙකක්වත් නැහැ. හැබැයි ආධුනික නිළියක් හැටියට මට ඕනෑවටත් වඩා ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලැබිලා තියෙනවා. ජනප්‍රිය නිළිය ලෙස අවස්ථා කීපයකදී නිර්දේශ වුණා.

නමුත් කවදා හරි හොඳම නිළිය දක්වා ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ඔබ දැන් වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිනියක්ද? ඔව්. දැනට මම රංගනය පමණයි කරන්නේ. නමුත් ක්ෂේත්‍රයේ ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. මම හිතනවා දවසින් දවස පරිණත වෙනකොට තවත් බොහෝ දේවල් ජීවිතයට ලැබෙයි කියලා.

ඉස්කොලෙ ගිහින් ඉවරවෙලා තාම අවුරුදු දෙකක්වත් නෑ ,මම තාම පුංචි කෙල්ලෙක් - ගීත්මා බන්ඩාර (PHOTOS) | Geethma Bandara Acctress

ලංකාව වගේ රටක වෘත්තීය මට්ටමේ නිළියක් වෙලා ජීවත් වෙන්න අමාරුයි කියලා මට හිතෙනවා. කුඩා කාලයේ සිටමද රංගන ශිල්පිනියක වෙන්න හීන මැව්වේ.. අපෝ නැහැ. මම සාමාන්‍ය පෙළ ලියල උසස් පෙළ හදාරන්න හොරණ ශ්‍රීපාලි විදුහලට ඇතුළත් වුණා. උසස් පෙළට කළේ ගණිත විෂයයන්. පාසලේදි කළෙත් චිත්‍ර විෂය.

කලා කටයුතු කිසිම දේකට සම්බන්ධ වුණේ නැහැ. මගේ පුංචි අම්මා තමයි හිරු අවුරුදු කුමරිය තරගයට අයැදුම්පතක් යොමු කළේ. ඒකටත් මම ගියේ අලුත් අත්දැකීමක් ලබා ගැනීමට තිබෙන ආසාවට සහ පුංචිගෙ බලකිරීම නිසයි. ඒ ජයග්‍රණයත් එක්ක රංගනයට පිවිසෙන්න මඟ පෑදුණා. දැන් අධ්‍යාපන කටයුතු අවසන් ද? අධ්‍යාපනය නම් මේ වෙනකොට මට ටිකක් මඟහැරිලා තියෙනවා. සංගීතේ ටෙලිනාට්‍යයත් සමඟ කාර්යබහුල වීම නිසා. ඉතිං ඉදිරියේදී අධ්‍යාපනයටත් අවධානය දී රංගනයටත් වෙලාව වෙන් කරගන්න ඕනේ.

සිනමාවට පිවිසෙන්න බලාපොරොත්තුවක් නැති ද?

ආරාධනා නම් ලැබෙනවා. නමුත් මට ගැලපෙන චරිතයක් ලැබුණෙ නැහැ. මම නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ හොඳට හිතලා බලලා. අනිවාර්යයෙන්ම මං පිටපත හොඳට බලනවා.

ගීත්මා, රංගනයේ මොනවගේ සීමා ද පනවාගෙන තියෙන්නේ ?

මම මහා ලොකු සීමා පනවාගෙන නැහැ. නමුත් රඟපාන චරිතයක් නිසා මගේ පෞද්ගලික චරිතයට හානියක් වෙන්න බෑ. ඇඳුම් සම්බන්ධ දේවල්වලටත් සීමා තියෙනවා. සංගීතේ නාට්‍යයේ මම කරන චරිතයට හානියක් වෙන නිරූපණයක් මම කරන්නෙත් නැහැ.

රඟපානවට ගෙදරින් විරුද්ධත්වයක් නැද්ද? 

 මම කිසිදෙයක් මඟහැර ගන්නේ නැති නිසා ගෙදරින් විරුද්ධ වුණේ නැහැ. ඒ මොකද මං ගැන ලොකු විශ්වාසයක් එයාලට තියෙනවා. කලා කටයුතුවලට සම්බන්ධ වෙන අතරතුරයි මම උසස් පෙළ විභාගයට පෙනී සිටියෙත්. ඉතිං හොඳ ප්‍රතිඵලයක් ලැබිලා තියෙන නිසා ඔවුන්ට මං ගැන තියෙන විශ්වාසය තවත් වැඩි වුණා.

ඉස්කොලෙ ගිහින් ඉවරවෙලා තාම අවුරුදු දෙකක්වත් නෑ ,මම තාම පුංචි කෙල්ලෙක් - ගීත්මා බන්ඩාර (PHOTOS) | Geethma Bandara Acctress

ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය කොහොම ද?

මං පදිංචි වෙලා ඉන්නේ හොරණ. මගේ පවුලේ අම්මයි, තාත්තයි, මල්ලි ඉන්නේ. මං හැදුණේ වැඩුණේ පුංචි අම්මා ළඟ. හැමෝම මට උදවු කළා. මගේ ආරක්ෂකයා වගේ ඉන්නේ මගේ මල්ලි. ඔබ හරි සතුටින් ඉන්නේ. ඔබේ ජීවිතය ආදරයෙන් පිරී ගිහින් වගේ . ඇත්තෙන්ම ඔව්. ආදරය සුන්දර දෙයක්. හැමෝටම ලැබෙන්න ඕනෙ දෙයක්. මට ලැබෙන්න ඕනේ ආදරේ මගේ පවුලේ අයගෙන් මට ලැබෙනවා. ඉතිං මං ඒ ආදරය මැද්දේ හරි සතුටින් ජීවත් වෙනවා.

තරුණී උපන්දින කවරය සැරසෙන්නේ ඔබේ රුවින්. ඒ ලැබුණු අවස්ථාව ගැන මොකද හිතෙන්නේ. මට ගොඩක් සතුටුයි ලංකාවේ ජනප්‍රියම කාන්තා පුවත්පතේ 52 වැනි උපන්දින මුල් පිටුවට මට පෙනී ඉන්න අවස්ථාව ලැබුණට.

විශේෂයෙන්ම මා වැනි නවක රංගන ශිල්පිනියට එවන් අවස්ථාවක් ලැබීමත් භාග්‍යයක්. මින් පෙරත් කිහිප අවස්ථාවකදීම මගේ ලිපි තරුණී පුවත්පතේ පල වෙලා තිබෙනවා. දියණියකට, තරුණියකට, මවකට අවශ්‍ය සියලුම දැනුම ලබා දෙන තරුණී පුවත්පත සමරණ 52 වැනි උපන්දිනයට මා හදවතින්ම සුබ පතනවා. ලංකාවේ කාන්තාව වෙනුවෙන් තරුණී හැමදාමත් සවියක් වේවි.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery