කබ්රාල්ගේ අසුන ගන්න ගිය කැටගොඩට මොකද වුනේ..?
By Sewvandhi
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිස්ව පවතින ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ජයන්ත කැටගොඩ මහතාගේ නම ගැසට් කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය ධූරයක් දැරූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගියදා සිය ධූරයෙන් ඉල්ලා අස්වී මහ බැංකුවේ අධිපති ධූරය භාරගෙන තිබුණි. ඒ හේතුවෙන් මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූරය හිස්විය.
පසුව ඉකුත් 13 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා එම ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූරය සඳහා ජයන්ත කැටගොඩ මහතාගේ නම යෝජනා කරමින් මැතිවරණ කොමිෂන් සභාවට ලිපිලේඛන භාරදීමට පියවර ගෙන තිබුණි.
--------------------------------------------------
You may like this video
ලොහාන්ගෙ පිස්තෝලය වහාම ගන්න -:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |