ඊශ්‍රායල ප්‍රහාරයකින් මවකට දරුවන් 9ක් එකවර අහිමි වෙයි.. [PHOTOS]

Israel Israel-Hamas War Gaza Sinhala news Breaking News
By Shehan May 26, 2025 02:04 AM GMT
Shehan

Shehan

Report

ගත වූ පැය 24 තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් 79 දෙනෙකු මිය ගොස් ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් මිය ගිය අය අතර, වෛද්‍යවරයකුගේ දරුවන් 10 දෙනාගෙන් 9 දෙනෙකු සිටි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

නසාර් රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක වන අලා නජ්ජාර් එවිට රාජකාරියේ යෙදී සිටියදී, ඇගේ නිවස ගිනි ගැනීම ගැන දැන ගැනීමෙන් පසු ඇය නිවසට ගොස් තිබෙනවා.

දකුණු ඛාන් යුනිස් නගරයේ සිදු වූ ප්‍රහාරයෙන් පසු නජ්ජාර්ගේ සැමියා බරපතල තුවාල ලබා ඇති අතර, ඔවුන්ගේ එකම බේරුණු දරුවා වන 11 හැවිරිදි පුත්‍රයා බරපතල තත්ත්වයේ පසුවන බව වාර්තා වෙනවා.

 මිය ගිය දරුවන් මාස 7 සිට අවුරුදු 12 දක්වා වයස්වල පසුවූවන් බව ෆාරා පැවසුවා.

ධීවර හා නාවික ප්‍රජාවට දැඩි අවවාදාත්මක නිවේදනයක්

ධීවර හා නාවික ප්‍රජාවට දැඩි අවවාදාත්මක නිවේදනයක්

ඊශ්‍රායල ගුවන් හමුදාව පසුගිය දිනවල ගාසා තීරය පුරා ඉලක්ක 100කට වඩා ප්‍රහාර එල්ල කර තිබෙනවා.

2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු, මරණ සංඛ්‍යාව 53,901 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මාලනිය අවසන් කැමැත්තට කියූදේ

මාලනිය අවසන් කැමැත්තට කියූදේ


GalleryGalleryGallery
ReeCha