ධීවර හා නාවික ප්‍රජාවට දැඩි අවවාදාත්මක නිවේදනයක්

TN Weather Sri Lanka Fisherman Weather Rain Sinhala news
By Shehan May 26, 2025 01:36 AM GMT
Shehan

Shehan

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හලාවත සිට පුත්තලම, මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස එම නිවේදනයේ සඳහන්.

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

අද පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ මෙම මුහුදු ප්‍රදේශවල විටින් විට ඉතා රළු තත්ත්වයක් ඇති විය හැකි බවයි.

සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මාලනිය අවසන් කැමැත්තට කියූදේ

මාලනිය අවසන් කැමැත්තට කියූදේ

එසේම, හලාවත සිට කොළඹ හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 සිට 55 දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

නාමල්ගේ දේශපාලන ක්‍රීඩාව දැන් PUBG එකකටත් වඩා strategy - දහම්ටත් ආරාධනා

නාමල්ගේ දේශපාලන ක්‍රීඩාව දැන් PUBG එකකටත් වඩා strategy - දහම්ටත් ආරාධනා

ReeCha