ස්වීඩනයේ මුස්ලිම් පල්ලියක් අසල දරුණු වෙඩි තැබීමක්
By Kaushi
ස්වීඩනයේ ඔරෙබ්‍රෝ නගරයේ මුස්ලිම් පල්ලියක් අසල අද (15) දින වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.
එරට මාධ්‍ය වාර්තා කරන්නේ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
වාර්තා වූ ආකාරයට මෙම පුද්ගලයින් දෙදෙනා පල්ලියෙහි යාඥාවෙන් අනතුරුව ඉන් පිටතට පැමිණි අවස්ථාවේ නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙසේ වෙඩි තබා තිබෙනවා.
ඊට අමතරව මෙම වසරේම පෙබරවාරි මාසයේ දී ස්ටොක්හෝම් සිට කිලෝමීටර් 200ක් (සැතපුම් 125ක්) බටහිරින් පිහිටි ඔරෙබ්‍රෝහි සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් සහ ගුරුවරුන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, එය ස්වීඩනයේ මාරාන්තිකම තුවක්කු ප්‍රහාරය බවට පත් වූ බවද සඳහන්.