පාකිස්ථානයේ ගුවන් යානා අනතුරකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

Report

පාකිස්ථානයේ උතුරු ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් නියමුවන් දෙදෙනකු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු මිය ගොස් ඇත.

අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් උතුරු පාකිස්තානයේ පීඩාවට පත් ප්‍රදේශවලට සහන භාණ්ඩ රැගෙන යමින් තිබූ මෙම හෙලිකොප්ටරය, මන්නාරම්හි පිහිටි මොහමන්ඩ් දිස්ත්‍රික්කයේ පැන්ඩියාලි ප්‍රදේශයේදී කඩා වැටී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ යානය පාලනයෙන් ගිලිහී යාම මෙම අනතුරට හේතුවන්නට ඇති බවට සැක පළ කර ඇත.

‘අදානි’ සමාගමට වෙන්කළ සුළං විදුලි බලාගාර ඉඩම් නැවත ටෙන්ඩර් කිරීමට සැලසුම්

‘අදානි’ සමාගමට වෙන්කළ සුළං විදුලි බලාගාර ඉඩම් නැවත ටෙන්ඩර් කිරීමට සැලසුම්

පාකිස්ථානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ මහ ඇමති අලි අමින් ගන්ඩපුර් මහතා නිවේදනය කරමින්, මෙම හෙලිකොප්ටරය (MI-17) බජාවුර්හි වැසි හේතුවෙන් පීඩාවට පත් ප්‍රදේශවලට සහන භාණ්ඩ රැගෙන යමින් තිබූ බවත්, අනතුර හේතුවෙන් කාර්ය මණ්ඡලයේ සාමාජිකයින් පස් දෙනෙකු, ඒ අතර නියමුවන් දෙදෙනෙකු ද, මිය ගිය බවත් තහවුරු කර ඇත.

අනතුරින් පසු ගලවා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, මියගිය නිලධාරීන්ගේ දේහයන් රාජ්‍ය ගෞරව සහිතව භූමදාන කිරීමට කටයුතු යොදා ඇත.

මරු පරිපාලනේ, රටේ ජාතික රෝහල් තුනේම අධ්‍යක්‍ෂක පුටු හිස්

මරු පරිපාලනේ, රටේ ජාතික රෝහල් තුනේම අධ්‍යක්‍ෂක පුටු හිස්

රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රජයෙන් වටිනා දෙයක් මෙන්න

රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රජයෙන් වටිනා දෙයක් මෙන්න