මාලිමා ආණ්ඩුව වට්ටන්න නම් නොවෙයි, ගොඩනඟන්නයි ජනතා කැමැත්ත - රුවන් සෙනරත්

Government Of Sri Lanka Latest Headlines Sinhala news gagana news NPP Government
By Shehan Aug 15, 2025 04:31 PM GMT
Shehan

Shehan

Report

නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසන්නේ, ජාතික ජන බලවේග ආණ්ඩුව ජනතාවගේ බලයෙන් තෝරා පත්කර ගත් ආණ්ඩුවක් වන අතර, කිසිදු කණ්ඩායමකට එය කුමන්ත්‍රණකාරී ලෙස පෙරළා දැමීමට ඉඩ නොතබන බවයි.

ඔහු මෙම ප්‍රකාශය සිදුකළේ උත්සවයකදී ජනතාව ඇමතූ අවස්ථාවකදීය.

ආර්ථික අර්බුදයෙන් යළි යථා තත්ත්වයට - මහ බැංකු අධිපතිගේ අපේක්ෂාව

ආර්ථික අර්බුදයෙන් යළි යථා තත්ත්වයට - මහ බැංකු අධිපතිගේ අපේක්ෂාව

දූෂණය, වංචාව සහ හොරකමින් පිරුණු රටක් ඒවායින් නිදහස් කරගනිමින්, සුබවාදී ගමනකට රට යොමු කර ඇති බවත්, ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට ආණ්ඩුව කැපවී සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

හිටපු මන්ත්‍රීවරු 499 දෙනෙකුට ගෙවන ලද විශ්‍රාම වැටුප් මේ වන විට නවතා ඇති බවත්, හිටපු ජනාධිපතිවරුන්ට ගෙවනු ලබන විශ්‍රාම වැටුප්ද ඉදිරියේදී නවතාලීමට කටයුතු කරන බවත් රුවන් සෙනරත් මහතා ප්‍රකාශ කළේය.

මෙම පියවර රජයේ මූල්‍ය විනය ශක්තිමත් කිරීමේ කොටසක් ලෙස සැලකේ.

ඩඩ්ලිට හොද පාඩමක් උගන්වන්න ඇමති වසන්ත සහල් රටින් ගේනවලු

ඩඩ්ලිට හොද පාඩමක් උගන්වන්න ඇමති වසන්ත සහල් රටින් ගේනවලු