මේ ප්‍රදේශයට ගෑස් හිඟයක් - ලොකු පෝලිම්
By Mithu
මාතර දිස්ත්‍රික්කයේ දැඩි ගෑස් හිඟයක් පවතින බව වාර්තා වේ. අද දහවල් මාතර–ගාල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටි Litro Gas Lanka බෙදාහැරීමේ නියෝජිත ආයතනය ඉදිරිපිට දිගු පෝලිමක් දක්නට ලැබුණි.
එම අවස්ථාවේ ගෙන ආ ගෑස් තොගය පෝලිමේ සිටි පාරිභෝගිකයින්ට බෙදා දුන් නමුත්, තවත් පිරිසකට ගෑස් නොලැබී හිස් අතින් ආපසු යාමට සිදු වූ බව වාර්තා වේ.
මේ අතර, මාතර දිස්ත්‍රික්කයේ සති දෙකකට වැඩි කාලයක් තිස්සේ Laugfs Gas ගෑස් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවත්, ඒ හේතුවෙන් ගෑස් පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවත් සඳහන් වේ.