ඉන්ධන පිරවුම්හල්හිමියන් හෙට තෙල් සංස්ථාව ඉදිරිපිට නිහඬ විරෝධයක

Report

ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දිවයිනේ සියලුම ඉන්ධන පිරවුම්හල්හිමියන් හෙට (06) පෙරවරු 9.30 සිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පවත්වන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

ඉන්ධන බෙදාදීමේ දී අනුගමනය කරන ඔත්තේ, ඉරට්ටේ ක්‍රමවේදය තුළ පිරවුම්හල් සේවකයින් මුහුණ දෙන ගැටලු මෙම විරෝධතාවය සඳහා ප්‍රධානතම හේතුව බව එහි විධායක කමිටු සාමාජික ඩී.වී. ශාන්ත සිල්වා මහතා පවසයි.

සොලෙයිමානිගේ පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට - ඉරාන ආධාරකරුවන්ට එරෙහිව ඇමරිකානු ක්‍රියාකාරකම

සොලෙයිමානිගේ පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට - ඉරාන ආධාරකරුවන්ට එරෙහිව ඇමරිකානු ක්‍රියාකාරකම

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කර සිටියේ මෙම ක්‍රමවේදය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් සේවකයින් දැඩි ලෙස අසීරුතාවයට පත්ව ඇති බවය.

ඉන්ධන මිල සූත්‍රය අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා අනෙකුත් සංස්ථා මෙහෙයුම් ලාභියා ලෙස 6%ක් ලබා ගන්නා බවත්, ඉන්ධන පිරවුම්හල් වෙත 3%ක ලභාංශයක් ලබා දීමට කටයුතු කළත් එය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව පාලන අධිකාරිය විසින් කප්පාදු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉරානයේ අතුරුදහන් වූ ඇමරිකන් නියමුවා බේරාගැනේ

ඉරානයේ අතුරුදහන් වූ ඇමරිකන් නියමුවා බේරාගැනේ

එමෙන්ම ඩී.වී. ශාන්ත සිල්වා මහතා සඳහන් කළේ ඇණවුම් කරන ලද ඩීසල් සහ පෙට්‍රල් නියමිත අයුරින් ලබා නොදීම තුළ ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යාමේදී දැඩි අසීරුතාවයකට මුහුණ දී ඇති බවය.

නුවර - කොළඹ පාරේ මාරක අනතුරක් - එක් අයෙක් මරුට

නුවර - කොළඹ පාරේ මාරක අනතුරක් - එක් අයෙක් මරුට