ගෑස් හිගයට විසදුම..?

central bank gas shortage lithro laughf Ajith Nivad
By Sewvandhi Sep 20, 2021 01:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රට පුරා විවිධ ප‍්‍රදේශවල ලිත්‍රො හා ලාෆ් ගෑස් වර්ග දෙකේම හිඟයක් මතුව ඇතැයි වාර්තාකරුවන් කියති. ලාෆ් සමාගම පවසන්නේ ඇතිව තිබෙන ඩොලර් හිඟය හේතුවෙන් ණයවර ලිපි නිකුත් නොකිරීමෙන් නිසා ගෑස් ආනයනය කළ නොහැකි බවයි. සමාගම් දෙකම ගෑස් මිල වැඩි කිරීම සදහා රජයෙන් අනුමැතිය ඉල්ලා තිබේ.

මේ අතර, ඉදිරි මාස 6 ඉලක්ක කරගනිමින් නව ආර්ථික සැලැස්මක් සම්පාදනය කර ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය. ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ඒ මහතා ඒ බව පවසා තිබේ.

රටේ සියලු ප්‍රධාන අංශ ආවරණය කරමින් එම "සය මාසික ආර්ථික සැලැස්ම" නිර්මාණය කර ඇති බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිකුත් කර ඇති ට්ව්ටර් පණිවුඩයේ දැක්වේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වු අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය 15 වනදා ශ්‍රි ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස වැඩ භාරගත්තේය.

ගෑස් හිගයට විසදුම..? | Gas Shortage Sri Lanka

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now