ලක්ෂ 10කට අධික ගෑස් සිලින්ඩර හොරකමේ සිසිටිවී දර්ශන මෙන්න..(CCTV VIDEO)

Report

පානදුර උතුර ලිට්‍රෝ ගෑස් අලෙවි සැලකින් රුපියල් ලක්ෂ 10කට අධික වටිනා ගෑස් සිලින්ඩර සහ මුදල් අද (14) අලුයම සොරාගෙන ගොස් ඇතැයි පානදුර උතුරු පොලීසිය පවසයි. එම වෙළෙඳසැලින් ගෑස්‍ සහිත සිලින්ඩර 30ක් හා රුපියල් 30,000ක පමණ මුදලක් සොරාගෙන ගොස් ඇති බව වෙළෙඳසැලේ හිමිකරු කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

අලුයම 4:30ට පමණ වෑන් රථයකින් පැමිණි කිහිපදෙනෙක් ව්‍යාජ යතුරක් උපයෝගී කරගෙන එයින් ඉදිරිපස දොර විවෘත කර එම සොරකම සිදුකර ඇති බව විමර්ශනවලදී හෙළිවූ බව පොලීසිය පැවසීය. අදාළ සොරකම වෙළෙඳසැල ඉදිරිපිට ගොඩනැඟිල්ලක සවි කර තිබෙන CCTV කැමරාවක සටහනව තිබුණි. පානදුර උතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW