ගැරඬි ඇල්ල බස් අනතුරින් මිය ගිය අය වෙනුවෙන් කරන්න යන දේ මෙන්න
කොත්මලේ, ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.
ඒ අනුව අනතුරින් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දීම සිදු කෙරෙන අතර එම මුදල් මිය ගිය අයගේ පවුලේ සාමාජිකයන් වෙත භාර දීම සිදුවෙයි.
අනතුරින් මිය ගිය පුද්ගලයන් 22 දෙදෙනා ජීවත් වූ තිස්සමහාරාම, ලුණුගම් වෙහෙර, වැලිමඩ, හල්දුම්මුල්ල, ඇල්ල, කුණ්ඩසාලේ, බමුණාකොටුව, පඩුවස් නුවර බටහිර, පොල්පිතිගම, වනාතවිල්ලුව, හලාවත, බුත්තල, තණමල්විල, වැල්ලවාය, කන්තලේ, රඹෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මෙම මුදල් නිකුත් කර ඇති බවත් වැඩිදුර තොරතුරු වාර්තා වෙයි.